තිස්ස කොටින්කඩුව
කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පවත්වාගෙන ගිය කර්මාන්ත ශාලා 80 අතරින් කර්මාන්තශාලා 40 ක නිෂ්පාදන කටයුතු ආරමිභ කර ඇති බවත් දැනට 3000 ක සේවක පිරිසක් කර්මාන්ශාලාවල සේවයේ යෙදි සිටින බවත් කටුනායක නිදහස් වෙළෙද කලාපයේ විධායක අධ්‍යක්ෂක ඇමි.කේ.ඞී.ලෝරන්ස් මහතා පවසයි.
දැනට නිෂ්පාදන කටයුතු කරගෙන යන සියලූ කර්මාන්ත ශාලා කටුනායක සෞඛ්‍ය බලධරයන් විසින් විෂබීජහරණයට ලක්කර ඇති අතර සේවකයන් රාජකාරියේ යෙදවිමේදී සෞඛ්‍ය අංශ වලින් නිකුත් කර ඇති සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් වලට අනුකුලව පුද්ගල දුරස්තභාවය අනුගමනය කමින් සියලූ සෞඛ්‍ය ආරක්ෂිත උපක‍්‍රම සහිතව සිදු කිරිමට කර්මාන්තශාලා පාලකයන්ට දැඩි කොන්දේසි පනවා ඇති බවද විධායක අධ්‍යක්ෂකවරයා පැවසීය.
මේ පිළිබදව කටුනායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසයේ වෛද්‍ය නිලධාරි සුජිව කුමාරසිංහ මහතාගෙන් කළ විමසීෙමිදි ඒ මහතා පවසා සිටියේ කටුනායක නිදහස් වෙළෙද කළාපයේ නිෂ්පාදන කටයුතු ආරමිභකර ඇති කාර්මාන්තාශාලා සහ එහි සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබදව තම නිලධාරින් දැඩි විමසිල්ලෙන් සිටින අතර දැනට එහි අධික්ෂණ කටයුතු වල නිරතව සිටින මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින්ගෙන් ලැබි ඇති නිර්දේශ අනුව නිෂ්පාදන කටයුතු කරගෙන යන කර්මාන්තශාලාවල සෞඛ්‍ය අංශ වලින් නිකුත් කර ඇති සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් වලට අනුකුලව සියලූ කටයුතු සිදුවෙමින් පවතින බවය.
දැැනට සේවයේ යෙදි සිටින පිරිසට ප‍්‍රවාහන පහසුකමි,නේවාසික පහසුකම්,වෛද්‍ය පහසුකමි,සහ ආහාරපාන පහසුකමි සියල්ල ඒ කර්මාන්තශාලා මගින් ලබාදී ඇති බවද ලෝරන්ස් මහතා පවසා සිටියේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කටුනායක කම්හල් 40 ක වැඩ අරඹයි
lalithm Thursday, 23 April 2020 02:56 AM
අහන්න ආසා හිතෙන කතාවක්. මිනිස්සු වැඩ කරනවා කියන්නේ බඩගින්න බය පලවා හැරීම. එහෙත් සෞඛ්‍ය ආරක්ෂාව තාම වැදගත් මාතෘකාවක්.