(සුජිත් හේවාජුලිගේ )
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ නම යෝජනා කරමින් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලිපිලේඛන අද පස්වරුවේ භාර දුන්නේය.
මේ අනුව මැතිවරණ කොමිසම විසින් ජයන්ත කැටගොඩ මහතාගේ නම අද රාත්‍රියේ ගැසට් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවේදී ලබන 21 වෙනිදා එම මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු...
වෙන හරිහමන් කෙනෙක් නැතුව ඇති... ඉස්සරහට හොඳ හොඳ රඟපෑම් එහෙමත් බලාගන්න බැරියැ...
තනතුරු බෙදා හදාගෙන මුළු රටම උලාගෙන කාපල්ලා. මුළු රටම උලාකාලා අන්තිමට මගේ ලක් මෑණිව විනාශ කරපල්ලා....
ඉල්ලා අස්වෙන්න කිව්වේ මෙකටද දන්නැ නේ
කොහොම හරි කැටගොඩ ගොඩ ගියා
මැටි ගොඩක්.
මේ වගේ ප්‍රතිපත්තියක් නැති මිනිස්සු කොහොමද රටකට ප්‍රතිපත්තියක් හදන්නේ.?
රට මේ අයගේ බුදලය වගේ, මිනිසුන්ට කන්න ගේන්න ඩොලර් නැ කිය කිය, දරු මුනුබොරොත් එක්ක ඉතාලි යනවා
වැටකොලු සහ පතෝල අමාත්‍යාංශයේ අමාත්‍ය වැටකොලු සහ පතෝල ඇමති.