(නිමන්ති රණසිංහ)
නිසි බලධරියකුගෙන් ලබා ගන්නා ලද බලපත්‍රයක් නොමැතිව කැළණී ගඟෙහි වැලි ගොඩ දැමීමෙන් වරදක් කළැයි කියන සිද්ධියකට අදාළ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් කුමාර ඇතුලු සැකකරුවන් දෙදෙනාට එක් අයකුට රුපියල් 7,500 ක මුදල් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (20) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරුණේ අංක 200, කිත්තම්පහුවල වැල්ලම්පිටිය ලිපිනැති පහල කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී තන්තිරිගේ ජගත් කුමාර සහ අංක 180, කිත්තම්පහුවල වැල්ලම්පිටිය පදිංචි වරදමුණීගේ ගෙදර උදිත ලලීන් කුමාර ජයත් නැමැත්තන්ය.
මෙම සිද්ධියට අදාළව ඉකුත් 16 වැනිදා වැල්ලම්පිටිය පොලීසිය පොලිස් ඇප මත මුදා හැර සිටි මෙම සැකකරුවන් අද (20) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න දෙයක් නෑ. කවුද කියලා තිබුන කරදර කාරී නීති හින්ද වැලි කුඩයක්වත් ගොඩ දාගන්න කෙනෙකුට ඉඩක් නෑ කියලා. ඒ හින්ද ඔය නීති රීති ඉක්මනින්ම ඉවත් වෙයි. එදාට ගඟට බැහැලාම නාන්න පුළුවන්.
මහින්දගේද ,සජිත්ගේද?
ජනතාවට සේවය ට ඇප කැප වෙමි කියලා ඇවිල්ලා මන්ත්රීලා ඇමතිලා උනාට පසු තම බලප්රදේශයට තුල කරන සංවර්ධන වැඩ කව්ද පොලිසියට කිව්වේ? තාවකලික ලැගුම් හල්, වැලි ගොඩ දැමීම, මත් කුඩු , දැව ජාවාරම්, පගා කොමිස් සෙල්ලම් මහජන නියෝජිත කියන තනතුර උපයෝගී කරගෙන පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මේ රට තුල ජයටම සිදු කරන චරිත තම ගැලවීමට ආගම සහ ආගමික ස්ථාන යොදාගෙන මහජනතාව නොමග යවමින් හොදින් සිදුකගෙන යයී.