
(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි හතරක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් ගමන් මලු තුළ සගවා ගෙන මෙරටට පැමිණ , ඒවා කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිම කර ගෙන ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙසේ අත් අඩංගුවට ගත් තිදෙනා අතර 34 හැවිරිදි කොළඹ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශ වල පදිංච් රියැදුරුවරුන් ලෙස සේවය කරන පුද්ගලයන් වේ .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාර්සල් 04 ක් ලෙස සකස් කළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 022 ක ප්‍රමාණයක් සඟවා ගෙන තිබිය දී මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ඇල්ලුවත් තවත් ගේනව නේද... ඕක හැමදාම අල්ල අල්ල තමයි ඉන්න වෙන්නෙ... ආගම සංස්කෘතිය පැත්තකින් තියල ප්‍රසිද්දියේ මරණ දඬුවම දුන්නනම් ඔච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ.. එක්කෙනා එල්ලන කොටම අනික් අය තියෙන ටික ගිහින් දීල වැඩේ නොකර ඉන්නව... ඕක විතරයි විසදුම...