(එෆ්.අස්ලම්)
එල්.ටී.ටී.ඊ සංවිධානය දෙමළ ජනතාවගේ නියම නියෝජිතයා යැයි ලෝකයාට පෙන්වීම වෙනුවෙන් ඇතිකරගත් එකගතාවක් මත දෙමළ ජාතික සන්ධානය පිහිටවූ බව එම සන්ධානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී කේසවන් සයන්තන් මහතා පැවසීය.
ඝාතනය නොවී ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණවලට තරග කිරීම සදහා කොටි සංවිධානය සමගින් එකගතාවක් ඇතිකර ගැනීමට සිදුවූ බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
කම්බන් සාහිත්‍ය සංසදය විසින් සංවිධානය කළ උත්සවයක් වැල්ලවත්ත ශ්‍රී මයුරාපති ශාලාවේ පැවති අතර එම උත්සවයට සහබාගී වී අදහස් දක්වමින් සයන්තන් මහතා මේ බව සදහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
දෙමළ ජාතික සන්ධානය පිහිටුවීමට පෙර කාලය බැලූ විට ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ වලට තරග කළ එකිනෙකා වෙඩිතබා ඝාතනය කෙරුනා.ඒ අනුව අවසන් වශයෙන් ඝාතනය වුනේ නීලන් තිරුච්චෙල්වම්.ඔහුට කලින් ත්‍රීකුණාමල ය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී තංගදුරෙයි,යාපනය හිටපු නගරාධිපතිවරයෙකු වූ සිවබාලන්,සරෝජනී යෝගේෂ්වරන් වශයෙන් එකින් එකා ඝාතනයට ලක් කෙරුණා.
මෙනිසා මැතිවරණවලට තරග කර ඝාතනය නොවී සිටීම සදහා එල්.ටී.ටී.ඊ සංවිධානය සමගින් ඩීල් එකකට යාමට සිදුවුනා.ඒ අනුව උතුරේ සියළුම දේශපාලන පක්ෂ එකතුවෙලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩ නැගීමේ අවශ්‍යතාවක් මතුවුනා.
ඒ වගේම කොටි සංවිධානයටත් අවශ්‍යතාවක් තිබුණා දෙමළ ජනතාවගේ නියම නියෝජිතයා තමන් බව ලෝකයාට පෙන්වීමට.නමුත් දෙමළ ජනතාවගේ නියෝජිතයා කොටි සංවිධානය කියල ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රාජ්‍යතාන්ත්‍රිකයින් සූදානම් වුනේ නැහැ.
මෙනිසා කොටි සංවිධානයට ජනතාවගේ ප්‍රසාදය පෙන්වීම සදහා ඡන්දය ලබාගැනීමේ අවශ්‍යතාවක් මතු වුනා.
ඒ වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය පිහිටුවා දෙමළ ජනතාවගේ ස්ථිර නියෝජිතයා කොටි සංවිධානය බව පිළිගන්නා බවට එම සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ප්‍රකාශ කරල මැතිවරණයට තරග කරල ජයග්‍රහණය කරනු ලැබුවා.
දෙමළ ජනතාවගේ නියෝජිතයා කොටි සංවිධානය කියල ජාත්‍යන්තරය පිළිගත්තෙ ඒ අනුවයි.
පක්ෂ තුළ අප කෙසේ කටයුතු කළ යුත්තේ කෙසේද කියල හෝ කෙසේ කියාත්මක විය යුතුද කියල හෝ සදහන් වන කිසිදු එකගතාවක් දෙමළ ජාතික් සන්ධානය තුළ නැහැ ,යැයිද කේසවන් සයන්තන් මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීතුමාගේ කරුණු දැක්වීමට අනුව TNA සංවිධානයේ සියලුමදෙනා කොටි සාමාජිකයන් වන බැවින් පුනරුත්ථාපනය සඳහා යොමුකළ යුතුය.
අපෝ ඔහෙලා විතරක් නොවෙයි, මෙහෙ දකුණේ කට්ටියත් ඔය විදියට ගිවිසුම් ගහලා තියෙනවා. දන්නේ නැතිද? හොඬවැලෙන් පෙන්නන්න පුළුවන් ඕනෑනම්?
අපේ ආණ්ඩුව තිබුණු කාලේ ඔහෙලට එල්ටීටීඊ කියන නමවත් කියන්න ඉඩදුන්නේ නැහැ. එ්කට දැන් එල්.ටී.ටී.ඊ ය නැතිව ආණ්ඩුව කරගන්න බැරි තත්වයක් තිබෙන්නේ. අහෝ දිවිදුන් රණවිරුවනි, පාමංකඩ අලිමංකඩ නොදන්නා අය රට පාලනය ගත්තාම වෙනදේ...
මෙයා මේ තේරුම් කරලා දෙන කාරණය දකුණේ දේශපාලකයින් කී දෙනෙක් තේරුම් අරගෙන තියෙනවද? යූඑන්පීය ටීඑන්ඒ එකත් එක්ක ගිවිසුම්වලට එළඹියේ දේශපාලනිකව ඝාතනය නොවී ඉන්න නේද? මේ සත්‍ය බොහෝ ජනතාව තේරුම් ගනිත්වා!
ටීඑන්ඒ එකට එල්ටීටීඊ එකට බැනලා ලීවාට දැන් වැඩක් නැහැ. ටී.එන්.ඒ සහෝදරයෝ කියා කිව්වොත් අන්න ඉහළින්ම කියයි. ඔය සංහිඳියාව අපිට ඕනේ නැත.