(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමින් යුත් මැණික් ගල් තුනක් මිලදීගන්නා මුවාවෙන් පැමිණ කොල්ල කෑ මොංගෝලියානු ජාතික කාන්තාවක්, පාතාල සාමාජිකයකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අද(12) මීගමුවේදී අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.
රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකු සතුව තිබූ මැණික් ගල් විදේශීය කාන්තාවකට ඉහළ මිලකට විකුණා දිය හැකි බව පවසා හිඹුටාන ප්‍රදේශයේ පුද්ගලයකු එම ව්‍යාපාරිකයාව කලුතර උතුර හෝටලයකට කැඳවා මෙසේ කොල්ල කා ඇතැයි පොලිසිය පවසයි.
මතුගම ශාන් නමැති පාතාල සාමාජිකයාගේ සහෝදරයකුගේ සැලසුමකට අනුව ඔහුගේ බිරිඳක වන මොංගෝලියානු ජාතික කාන්තාවක මැණික් ගැනුම්කාරියක ලෙස යොදවා මැණික් ගල් කොල්ලකා ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්වූවන් අතර හිටපු හමුදා සෙබළෙකු ද වන බව පොලිසිය කියයි.
කොල්ලකන ලද සෙරන්ඩිබ් වර්ගයේ කැරට් 36.24ක් බර මැණික් ගලක්, ග්‍රෑම් 25.5ක් බර පුෂ්පරාග මැණික් ගලක් සහ ස්වාභාවික නිල් සෆායර් වර්ගයේ ග්‍රෑම් 10ක් බර මැණිකක්ද සුඛෝපභෝගී මෝටර් රථයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඩේසි ආච්චි ව අල්ලන්නේ නැද්ද ?
මැණික් හඳුනනවා වගේ මැණික් දිහා බලන්නේ.