IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොටි පොලිස් ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් පහක් යාපන රාජකාරියේ

 

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය,ඉන්දිකා රාමනායක සහ රොමේෂ් මධුෂංක)

යාපනය මහ නගර සභාවේ නගර ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති නව ඒකකයේ ආරක්ෂකයන් පස් දෙනාට ලබා දී ඇති නිල ඇඳුම සම්බන්ධයෙන්  සහ එම ඒකකය සම්බන්ධයෙන්  පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහළ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට යාපනය පොලිසිය පියවර ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

නගරයේ පවිත්‍රතාව ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර ඇති යාපනය නගර ආරක්ෂක බළකාය නමැති මෙම ඒකකය බඳවාගෙන ඇති පස් දෙනාගේ නිල ඇඳුම් වන ලා නිල් පැහැති අත්කොට  කමිසය සහ තද නිල් පැහැති  දිගු කලිසම භාවිත කළ නිල ඇඳුමට සමාන එකක් බවට පොලිසියට ලැබුණු පැමිණිලි සහ තොරතුරු අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

(රෙමේෂ් මධුෂංක)



අදහස් (5)

කොටි පොලිස් ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් පහක් යාපන රාජකාරියේ

සමිත සේනක අලුත්ගමගේ. Friday, 09 April 2021 02:51 AM

කොටි පොලිස් එන්නේ නැතුව තියේවිද අපේ සමහර පොලිස්ලා හැසිරෙන විදිහ දැක්කම ... එදා සෞඛ්‍ය උද්ඝෝෂණයේදී නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් ට පහරදීලා ... දැන් පහර නොදුන් විදිහට හොර මෙඩිකල් යවලා උසාවි දාන්නලු සූදානම. මලික රෝහලේ ඉන්නා ඡායාරූප වගයක් මට මිතුරෙකු ඒවා තිබුණා.මෙන්න මේ රටේ තියෙන මාධ්‍ය නිදහස.පොලිස්පති තුමනි, ඔබතුමාගේ අවධානය පිණිස ... ජනපති තුමනි,ආරක්ෂාව බාර ඇමැති තුමනි,ආරක්ෂක ලේකම් තුමනි කරුණාකර සාමකාමී ලෙස උද්ඝෝෂනය කිරීමේ නිදහසට බාධා නොකරන්න.මොහු නිදහස් කරන්න.

:       97       18

බමුණු.Friday, 09 April 2021 10:00 AM

"ලංකාදීපයට" ස්තූතියි. තමන්ගේ කෙනෙකුට කරදර කරද්දී බලන් ඉන්නා මාධ්‍ය තමයි ලංකාවේ තියෙන්නේ. කොහෙද දේශපාලනයට හා ගැතිකම් වලට වහල් වෙලානේ... ටීවී චැනල් කාරයින්ට මේවා හරියට පේන්නේ නැහැ. එක චැනල් එකක් පහුගිය දවස්වල මුස්ලිම් ගෑනු ළමයකුගේ හැකියාවක් අල්ලාගෙන රට රැවටුවා. ඔක්කොම රැවටිලි තමයි. කෝ මේ තොර තෝංචියක් නැතිව වයර්ලස් පෙට්ටියේ කියවන සූකිරි බටිල්ලන් හා සූකිරි බටිල්ලියන්.. මෙලෝ තොර තෝංචියක් නැහැ කතාවේ... වල් පල් හොයනවා. ඕපාදූප කාරයින් වගේ. වැඩකට ඇති යමක් කරන්නේ නැහැ. පුලිට්සර්ලා ජීවිත පුදලා මේ ලෝකය මේ අයට ගොඩනගා දුන්නත්, අද කෙරුවාව ඔන්න ඔහොමයි.

:       42       6

Ranjith Friday, 09 April 2021 09:17 AM

කෝ අර "එක රටක්... එක නීතියක්" කියලා දුන්නු පොරොන්දුව?" කවුදෝ මුහුණු පොතේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා දැක්කා. "යාල් මානගර කාවල් නඩෙයි" නමින් යාපනය මහනගර සභාවේ නගරාධිපති ආරම්භ කරන ලද මෙම බලකාය යාපනය සිවිල් ජනතාවට නැවත එදා කොටි පොලිසිය සිහි කිරීමට සමත්ව තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂක රාජකාරිය, රථ වාහන හැසිරවීම, නගර පිරිසිදු කිරීම, මහමග කුණු දැමීම, කෙල ගැසීම ආදී වැරදි සඳහා දඩ අය කිරීම වැනි කටයුතු මෙම බලකායේ රාජකාරිය බව නගරාධිපති පවසා ඇත. පොලිසිය ඇතුළු වෙනත් ආයතනවලට අයිති මෙම රාජකාරි සඳහා ජනතාවට දඩ නිකුත් කිරීමට මොවුන්ට ඇති නීතිමය හැකියාව කුමක්ද? මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අයගේ යටි අරමුණ වන්නේ නැවත එදා ත්‍රස්තවාදී පාලන යුගයේ මතක නැවත ජනතාවට සිහිගැන්වීමයි. එදා කොටි පොලිසියේ නිල ඇඳුමට 100%ක් සමාන අයුරින් මෙම නිල ඇඳුමද නිමවා ඇති බව ඕනෑම කෙනෙකුට දැකගැනීමට හැක." උපුටාගැනීම අවසන්...

:       0       51

සෙනෙවිරත්න Saturday, 10 April 2021 12:37 PM

ඔවුන්ට දීපු බලතල නෙවෙයි ගැටලුව ඇඳුම නේද? ඇඳුමට වඩා ගැටලුව බලතල නොවේද?

:       12       3

Bamunuarachchi Sunday, 11 April 2021 06:03 AM

කෝ අර "එක රටක්... එක නීතියක්" කියලා දුන්නු පොරොන්දුව?" විරුද්ධ පක්ෂය රෙද්ද කරට අරන් මානව හිමිකම් දුවන්නේ නැතිනම් පැය 24 කරන්න පුළුවන්. අපි එහෙමයි 1956 පැය 24 සිංහල කලේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site