(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය,ඉන්දිකා රාමනායක සහ රොමේෂ් මධුෂංක)
යාපනය මහ නගර සභාවේ නගර ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති නව ඒකකයේ ආරක්ෂකයන් පස් දෙනාට ලබා දී ඇති නිල ඇඳුම සම්බන්ධයෙන් සහ එම ඒකකය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහළ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට යාපනය පොලිසිය පියවර ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
නගරයේ පවිත්‍රතාව ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර ඇති යාපනය නගර ආරක්ෂක බළකාය නමැති මෙම ඒකකය බඳවාගෙන ඇති පස් දෙනාගේ නිල ඇඳුම් වන ලා නිල් පැහැති අත්කොට කමිසය සහ තද නිල් පැහැති දිගු කලිසම භාවිත කළ නිල ඇඳුමට සමාන එකක් බවට පොලිසියට ලැබුණු පැමිණිලි සහ තොරතුරු අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.
(රෙමේෂ් මධුෂංක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි පොලිස් එන්නේ නැතුව තියේවිද අපේ සමහර පොලිස්ලා හැසිරෙන විදිහ දැක්කම ... එදා සෞඛ්‍ය උද්ඝෝෂණයේදී නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් ට පහරදීලා ... දැන් පහර නොදුන් විදිහට හොර මෙඩිකල් යවලා උසාවි දාන්නලු සූදානම. මලික රෝහලේ ඉන්නා ඡායාරූප වගයක් මට මිතුරෙකු ඒවා තිබුණා.මෙන්න මේ රටේ තියෙන මාධ්‍ය නිදහස.පොලිස්පති තුමනි, ඔබතුමාගේ අවධානය පිණිස ... ජනපති තුමනි,ආරක්ෂාව බාර ඇමැති තුමනි,ආරක්ෂක ලේකම් තුමනි කරුණාකර සාමකාමී ලෙස උද්ඝෝෂනය කිරීමේ නිදහසට බාධා නොකරන්න.මොහු නිදහස් කරන්න.
කෝ අර "එක රටක්... එක නීතියක්" කියලා දුන්නු පොරොන්දුව?" කවුදෝ මුහුණු පොතේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා දැක්කා. "යාල් මානගර කාවල් නඩෙයි" නමින් යාපනය මහනගර සභාවේ නගරාධිපති ආරම්භ කරන ලද මෙම බලකාය යාපනය සිවිල් ජනතාවට නැවත එදා කොටි පොලිසිය සිහි කිරීමට සමත්ව තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂක රාජකාරිය, රථ වාහන හැසිරවීම, නගර පිරිසිදු කිරීම, මහමග කුණු දැමීම, කෙල ගැසීම ආදී වැරදි සඳහා දඩ අය කිරීම වැනි කටයුතු මෙම බලකායේ රාජකාරිය බව නගරාධිපති පවසා ඇත. පොලිසිය ඇතුළු වෙනත් ආයතනවලට අයිති මෙම රාජකාරි සඳහා ජනතාවට දඩ නිකුත් කිරීමට මොවුන්ට ඇති නීතිමය හැකියාව කුමක්ද? මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අයගේ යටි අරමුණ වන්නේ නැවත එදා ත්‍රස්තවාදී පාලන යුගයේ මතක නැවත ජනතාවට සිහිගැන්වීමයි. එදා කොටි පොලිසියේ නිල ඇඳුමට 100%ක් සමාන අයුරින් මෙම නිල ඇඳුමද නිමවා ඇති බව ඕනෑම කෙනෙකුට දැකගැනීමට හැක." උපුටාගැනීම අවසන්...
ඔවුන්ට දීපු බලතල නෙවෙයි ගැටලුව ඇඳුම නේද? ඇඳුමට වඩා ගැටලුව බලතල නොවේද?
කෝ අර "එක රටක්... එක නීතියක්" කියලා දුන්නු පොරොන්දුව?" විරුද්ධ පක්ෂය රෙද්ද කරට අරන් මානව හිමිකම් දුවන්නේ නැතිනම් පැය 24 කරන්න පුළුවන්. අපි එහෙමයි 1956 පැය 24 සිංහල කලේ.