(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි නවයකට අධික වෙළඳපොළ වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ දෙකහමාරකට අධික ප්‍රමාණයක් සමග ඉන්දීය ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත්වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයේ සිට ඩුබායි නගරය හරහා ශ්‍රී ලංකාවට පැමිණි සැක සහිත ඉන්දියන් ජාතික කාන්තාවක් පරික්ෂා කළ අවස්ථාවේදී ඇයගේ ගමන් බෑගයේ තිබූ ෂැම්පු බෝතල කිහිපයක් තුළ සහ ඇඳුම් කිහිපයක බොත්තම් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ කොකේන් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2532 සොයා ගැනීමට හැකි වූ බවත් මෙය මෑත කාලයේ දී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද සුවිශේෂී අත්අඩංගුවට ගැනීමක් ලෙස හැඳින්විය හැකි බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මූලික විමර්ශන කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාරිය සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදුන් බවද රේගුව වැඩිදුරටත් සඳහන් කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කෝටි නවයක කොකේන් රේගුවේදී මාට්ටු