IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කෝටි අටක රන් කොල්ලකාලා

(නිමන්ති රණසිංහ)

ව්‍යාපාරිකයන් දෙදෙනකුට පහර දී රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුතු රත්රන් කිලෝ දෙකක් පැහැර ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෝදර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය ඇතුළු අංශ තුනක නිලධාරීන් අට දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්  ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.

මෙසේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත්තේ මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය, කොට්ඨාශ අපරාධ බුද්ධි ඒකකය සහ මෝදර පොලිසියේ අපරාධ අංශය යන අංශවල උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකු, පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් සිවු දෙනෙකුගෙනි.

 



අදහස් (4)

කෝටි අටක රන් කොල්ලකාලා

ලුම්බිණි Thursday, 13 April 2023 04:53 AM

අද පොලිසියෙයි හොරුන්ගෙයි වෙනසක් නැහැ. දෙගොල්ලන්ගෙන්ම ප්‍රවේශම් වෙන්න.

:       0       2

Bamunuarachchi Thursday, 13 April 2023 11:19 AM

අපරාධ විමර්ශන කාර්යාංශය ඇතුළු අංශ තුනක නිලධාරීන් අට දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි. කිසිම හේතුවක් නිසා ගෙදරකට වැද්දගන්න හොඳ නැති හොරු ජාතියක්නේ...

:       0       0

sam Thursday, 13 April 2023 12:06 PM

දැන් ලංකාවේ වැඩියෙන්ම මංකොල්ල කෑම් කරන්නේ පොලිසියේ අය... ඔන්න ලංකාවට ගිය කල...

:       0       0

Prabha Thursday, 13 April 2023 02:22 PM

දැන් අපට බේරෙන්න වෙලා තියෙන්නේ හොරුන්ගෙන් නෙවෙයි පොලීසියෙන්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 178 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 56 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site