
(යොහාන් භාසුර)
නීත්‍යානුකූල නොවන ලෙස මෙරට ගෙන්වීමෙන් පසුව ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අංශය භාරයට ගත් ජංගම දුරකථන අමතර කොටස්, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, විසිතුරු බඩු සහ මෝටර් රථ අමතර කොටස් ඇතුළු රුපියල් කෝටි 9 කට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් විනාශ කළේය.
මෙම භාණ්ඩ තොගයට මෝටර් රථ අමතර කොටස් 62,900 ක් පමණ ඇතුළත් බව කී රේගුව මෙවැනි ව්‍යාජ භාණ්ඩ පරිහරණයෙන් පාරිභෝගිකයාට සැළකියයුතු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව විනාශ නොකර වෙන්දේසියට දැම්ම නම් රටේ සල්ලි ටික බේරගන්න තිබුන නේද?.විනාශ කලා කියන්නේ ගන්න පුලුවන් බඩු ඇතුලේ අය අරගෙන රොඩු ටික පුච්චල දාන එක කියල කතාවක් ප්‍රචාරය වෙලා තියෙනව. ඒක ඇත්තද?
වටිනා බදු නීති විරෝධීව ගෙන්නුවත් එම භාණ්ඩ විනාශ නොකර ඵලදායී දෙයකට යොමු කරන්න රේගුවට නොහැකිද ?