
( සුමිත් ප්‍රේමතිලක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අළුබෝමුල්ල, ශාන්ති මාවතේ දෙමහල් නිවසක මත්කුඩු පැකට් කරමින් සිටියදී රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග අයියා මලෝ දෙදෙනෙකු අද (21) අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
බණ්ඩාරගම සහ අලුබෝමුල්ල පොලිස් ස්ථාන ඒකාබද්ධව කල වැටලීමකදී මත්කුඩු තොගය සොයාගෙන ඇත.
විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බැව් කියන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකු වන " පානදුර සළිදු" නැමැත්තා ගේ ජාවාරමට අදාළ මත්කුඩු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ .
ෙහෙරොයින් මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සැකකරුවන් දෙදෙනා මෙම නිවස පවත්වාගෙන ගොස් ඇති අතර කර, මත්කුඩු කිලෝ එකක් පැකට් කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් "පානදුර සළිදු" නැමැත්තා ගෙවන බවට සැකකරුවෙකුගෙන් ප්‍රකාශ වලදී අණාවරනය වී ඇතැයි පොලිස් නිලධාරීයෙක් කීය.
අත්අඩංගුවට ගත් දෙදෙනා අළුබෝමුල්ල , ශාන්ති මාවතේ , තැඹිලි කොටුව ප්‍රදේශයේ පදිංචි 25 සහ 30 හැවිරිදි පුද්ගලයින් බවද පොලිසිය කියයි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd