(යොහාන් භාසුර)
ඉන්දියන් ජාතික ව්‍යාපාරිකයෙක් නීති විරෝධී ලෙස මෙරටින් අපනයනය කිරීමට උත්සහ කල රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුත් අබලි ලෝහ අඩංගු අඩි විස්සේ බහාලුම් 10 ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
එම බහාලුම් දහය තුල තිබී අබලි තඹ, ඇලුමිනියම් සහ යකඩ මෙට්‍රික්ටොන් 140 ක් අත්අඩංගුව තිබූ බවත් මෙම බහාලුම් තුල ස්වාභාවික ක්‍රේප් රබර් මෙට්‍රික්ටොන් 140 ක් අඩංගු වන බව අපනයනකරු ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කරන ලද රේගු ප්‍රකාශනයේ සඳහන් කර තිබූ බවත් රේගුව පවසයි.
මෙම නීති විරෝධී අපනයනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ටී රේගුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් ක්‍රියාත්මක කරමින් සිටින අතර විමර්ශන අවසානයේ ලෝහ තොගය රාජසන්තක කර සැකකරුවන්ට දඩ පැනවීමට නියමිත බවද රේගුව සඳහන් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
408
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
234
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 6ක අබිලි රේගුවේ හිරවෙයි
කිරි පුතා Wednesday, 31 August 2022 12:07 PM
දැන් මේ අබිලි ද්‍රව්‍ය ටික කොහේ හරි මළකඩ කාලා යයි. එච්චරයි වෙන්නේ...!