(ඉන්දිකා රාමනායක)
මාකදුරේ මධූෂ්ගේ සැලසුමකට අනුව පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ නිවසින් පැහැරගත් බව කියන රුපියල් කෝටි 500ක අධික වටිනා දියමන්තිය පරීක්ෂා කිරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත ඉදිරියේ යොමුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම දියමන්තිය පරීක්ෂා කිරීම සඳහා පොලිසිය අද (11) මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කළ ද අධිකරණය එය පරීක්ෂා කිරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට දැනුම් දී ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබාගෙන ඉදිරියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට මැණික ඔප මට්ටම් වෙලාම කෝටි ගණනින් අඩුවෙලාම අයිතිකරුට ලැබේවි.
මේ පාතාල නායකයින් සම්බන්ද සිද්දිය වගේම රත්ගම ව්‍යාපාරිකයින් පැහැරගෙන යාමට අදාළ සිද්දියත් ඒවගේම සමාන අනෙකුත් සිද්දීත් මට පෙන්නේ මාධ්‍ය සංදර්ශන වගේ, හැමදාම හොයනවා විවිද සාක්ෂි අහුවෙනවා හැබැයි අවසානයක් නැහැ.
බාර දීල නිකම්ම හිටියොත් හොඳට හිටීවි. ඔය විශ්ව විද්‍යාලේ ඔය වගේ මැනිකකට ආරක්ෂාව සපයන්න පුළුවන් තැනක් කියල හිතනවද? කවුරුහරි ඔකේ කෑල්ලක් හරි කඩාගෙන හංගන්නේ නැද්ද කියල බලමු. ඕවයේ කෙරුවාවල් අපි දන්නේ නැද්ද?
අන්තිමට මේ ගල වෙනුවට වෙන එකක් කෞතුකාගාරයට යයි මේ ගලට වෙච්ච දෙයක් නැතිවෙයි.
මදුෂ් බක බක ගා හිනා වේ. ලංකා පොලිසියේ කුරුළු මොලේ ගැන.
නියම දියමන්තිය මෙලහටත් මදුෂ්ට ලැබිලා ඇති. මේක බොරු පලිඟු ගල් ගෙඩියක් බව බැලු බැල්මටම මට නම් සැක හිතෙනවා! පරීක්ෂා කරලා බලන්න ඕක හොඳ අයෙක්ට පෙන්නන්න. එහෙම අය පාර්ලිමේන්තුවේත් ඉන්නවනේ!
මේ " දියමන්තිය " සෞදි අරාබි රාජ්ජයකින් හොරකම් කරපු දෙයක් නේද .. ??? මේ දියමන්තියයි මේකට සම්බන්ද සියලු දෙනාම ඒ රජයටම බාර දුන්නනම් නේද ... සාධාරණ ? මෙවැනි හේතු නිසා තමයි ...... ශ්‍රී ලංකා ජාත්‍යන්තර පොලිසිය සහ අධිකරණය , පිටරටවල් හැංගිලා ඉන්න අපේ හොරු අල්ලගන්න බැරුව දඟලන්නේ . කියන්න ලැජ්ජයි ... අපේ අධිකරණයයි අපේ පොලිසියයි ... සහ අපි ඔක්කොම හොරු ! " මේක තමයි අපි , ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර වශයෙන් ලැබිල තියන පට්ටම "
නෑ රවී මේක හොරකම් කරපු එකක් නෙවෙයි. එහමනම් සෞදි පොලිසිය මේක හොයාගන්නවා. එහෙම චෝදනාවක් නෑ. අයිතිකරු කියන්නේ මේක පස් ගොඩක තිබිලා ඇහින්දා කියලා.
සෞදි අරාබියේ බිම තිබිල ඇහිඳ ගන්න දෙයක්වත් ඔබට හෝ මට අයිති නැති බව කරුණාවෙන් සලකන්න. මෙවැනි දෙයක් ඒ රටින් පිටතට ගැනීමට මොන වගේ රාජ්‍ය බලපත්‍ර අවශ්‍යද කියල හොඳට හොයල බලන්න. මේක ඉතාමත් අබිරහස් විදිහට කරපු හොරකමක් වංචාවක් .
සමාවෙන්න සෞදිය ගැන මගේ කිසිදු විශ්වාසයක් නැත. අහිංසක රිසානා, ජමාල් (මාධ්‍යවේදී) ඝාතන, ටියුනිසියාවට, ඉරානයට කරන ප්‍රහාර මා තරයේ හෙලා දකිමි.
දියමන්ති හොරා සවුදියෙන් හොයනවා ? මේක තිරුවානා ගල් විශේෂයක් ඔප දැමීමට නොහැක අපි විකුනන්න බැලුව ගල් ගෙඩියක් බව දැනගත්ත කිසිවෙක් ගත්තේ නැහැ ඕක අය්ති එකා අහු උනොත් දඬු කඳේ ගහනවා
වරකෝ සෞදියට ත්‍රී වීල් එකක් අරන්දෙන්න මගේ නම ගහගෙන ගමන් යන්න