ශ්‍රී ලංකා සංඥා බළකායේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ රුපියල් 10 සමරු කාසියේ පළමු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (27) පිළිගන්වනු ලැබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද එහි වේ.
මෙම කාසියයෙන් කාසි 5,000,000 නිකුත් කර ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙම කාසි වල වටිනාකම රුපියල් මිලියන 50 ක් හෙවත් කෝටි 5 කි.
055




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදිහට රුපියල් දහදාහේ කොළ අච්චු ගහන දිනය වැඩි ඈතක නැහැ. එතකොට, හොරාකාපු සල්ලි වීල් බැරෝවක ලේසියෙන් පටවා ගෙන යන්න පුළුවන්...
"රුපියල බේරා ගන්න බැරිනං අපට බාරදෙන්න. අපි කරන හැටි පෙන්වන්නම් " කියලා එදා කිව්වේ සල්ලි අච්චු ගහලා රුපියල බේරාගන්න පුළුවන් කියලා හිතාගෙන වගෙයි පෙනෙන්නේ....
මේ රටේ ඉතාම නූගත් මිනිස්සු කියනවා රටේ සල්ලි නැත්නම් අච්චු ගහන්න බැරිද කියලා. රටට ආදායම් ලැබෙන බොහෝ අංශ කඩා වැටෙත්දී කාසි අච්චු ගහලා රට දියුණු කරන්න බැහැ. නූගත් මිනිස්සුනම් කියාවි දැන් ඉතින් රනිල්ගෙ කාලෙ වගේ සල්ලි ප්‍රශ්ණයක් නැතිවේවි කියල.
ස්ථිර... ක්ෂණික... ද සිග්නල්ස්....
ඔබ තුමා නැවත රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක නියෙලීම දැකීමත් සතුට ගෙනදීමක්.
මෙයාට මේ සල්ලි නිකුත්කරන්න අයිතියක් නැහැනේ. මෙයා අගමැතිවත් මුදල් ඇමතිවත් නොවේයිනේ.
කොහොම කිව්වත් මේ කියන්නෙ රුපියල් කෝටි 5 ක සල්ලි අලුතින් අච්චු ගහල කියන එකද? එහෙම නම් ටික ටික අපට අබ සරණ ලැබෙන්නයි යන ලකුණුයි පේන්නෙ.
මේකට කීයක් විතර වියදම් වුනාද?
ලංකාව තවත් සිම්බාබ්වේ එකක් වීම නවත්තන්න අමාරුයි වගේ
අන්න ඩොලර් එක 182.00....
තමන්ට වහල් භාවයෙන් මීදීමට අවශ්‍ය නම්, පළමුව ඔහු වහලුකු වන බව තරයේ මතක තබා ගත යුතුයි......
හිස්, පුස් වටිනාකමක් නැති තහඩු කෑලිද ?