
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය අපරාධකරුවන් වන කංජිපානි ඉම්රාන් සහ පලනි ශිරාන් යන අයගේ මෙහෙයවීම මත මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලැබු ඔවුන්ගේ අනුගාමිකයෙකු වන හෑදල වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයෙකු හා කාන්තාවක් රුපියල් කෝටි 04 කට ආසන්න වටිනා හැෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි
සැකකරු සහ සැකකාරිය සමඟ කිලෝ ග්‍රෑම් 05, ග්‍රෑම් 137, මිලි ග්‍රෑම් 100 ක් සමග හා එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ මෝටර් රථයක් හා යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරුවන් වත්තල ආසිරි උයන තුන්මන් හංදිය අසල දී සිදුකළ වැටලීමදි අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා ආධාර අනුබල දීමේ වරදටය .එම කාන්තාව හෑදල වත්තල ප්‍රදේශයේම පදිංචි අවුරුදු 29 ක තැනැත්තියකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd