(නිමන්ති රණසිංහ)
රුපියල් 40,000,000 රේගු බදු වංචා කරමින් මෙරටට ආනයනය කරන ලද බීඩි කොළ තොගයේ සිද්ධියට අදාළව සහකාර රේගු අධිකාරිවරයකු සහ රේගු පරීක්ෂකවරයකු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ශ්‍රී ලංකා රේගුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය හමුවේ අද (18) කරුණු වාර්තා කළේය.
මෙම විමර්ශනයට අදාළව ශි‍්‍ර ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන ඒකකය පැවැත්වූ පරීක්ෂණයකට පසු මෙම සහකාර රේගු අධිකාරිවරයා සහ රේගු පරීක්ෂකවරයා සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් රේගු පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බවටද අධිකරණයට කරුණු ඉදිරිපත් විණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්ය නිවාඩු යවලා විතරක් මදි අත්අඩංගුවට ගන්න, අත්අඩංගුවට ගන්නේ පොල්ගෙඩියක් දෙකක් හොරකම් කල මිනිස්සු පමණද ?
අනිවාර්ය නිවාඩු යවල මදි, අත්අඩංගුවට අරගෙනත් මදි. සියලු වැරදි පිළිබඳව විමර්ශනය කරලා, පහුගිය කාලයේ උපයාගත් ආදායම් ගැනත් හොයල බලල උපරිම දඩුවම් දෙන්න. නැතුව මේ රට හදන්න බෑ.
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ පොල් ගෙඩි දෙකයි අඹ ගෙඩි දහයයි වටිනාකම කෝටි කියද?
අනිවාර්ය නිවාඩු? එතකොට වැලිකඩ තියෙන්නේ කෙසෙල් හොරුන්ටයි කුකුල් හොරුන්ටයි ලගින්නද? මේකයි මම කියන්නේ මේ අය අතරට පුහුණු කල හමුදා නිලධාරින් යොදවන්න කියලා? බලනකොට ලංකාවේ ලොකුම හොරු මේගොල්ලොනේ? අමතක කරන්න එපා ලංකාවේ ලොකුම අල්ලසට වග කිව්වෙත් මේගොල්ලෝ. කෝටි හතරත් ගානක්ද මේ අයට?
සෙනසුරාද 360 වැඩසටහනට පැමිණි හිටපු රේගු නිලදාරියෙක් නාගානන්ද මහතා කෙරෙන සොරකම් සහ ඒවා මැඩපවත්වා ගන්න හැකි ආකාර ගැන සැහෙන විස්තරයක් කළා. නමුත් ඒවා ක්‍රීයාත්මක වෙන්නේ නැහැ කව්රුත් හොරු නිසා.
දැන් අර අවංක රේගු නිලදාරින් වෙනුවෙන් වර්ජනය කරපු කට්ටිය කෝ
මේ දෙන්නාවත් ඊලඟ සැරේ පාර්ලිමේන්තුවට යවමු. සියලු සුදුසුකම් තියෙනවා..
රේගුවේ රැකියා හොයන බොහෝ පිරිස ඒවාට යාමේ හේතුව ඔය වගේ අරමුණු තමා...
මේ රැකියාවේ යෙදෙන වැඩිපිරිසක් එක රැයින් කෝටිපතියෝ වෙන්න මේ වගේ මගඩි වැඩ කරනවා.
මමත් ඇඟලුම් කම්හලක වැඩ කලා. අපි දන්නවනේ උන්ගේ සෙල්ලම්. දැන් නම් පුස පෙටව් වගේ ඇති. මුන්ව උල තිබ්බත් මදි ..... හොර හැත්ත.
රජයට ලැබෙන සමස්ත බදු අදායමෙන් කෝටි ගණන් මුදලක් මේ රේගු නිලධාරීන් හොර පාරෙන් සාක්කුවේ දමාගන්නව.මේ හොර සල්ලි වලින් මේ අයගේ ළමයි ඔක්කොම ඉගෙන ගන්නේ පිටරටවල් වල සහ මේ හැමෝටම පිටරටවල ගෙවල් පවා තියෙනවා.මේ කිසිම වත්කමක් මේ අයගේ නම් වලින් නැහැ. මේ රේගු නිලධාරීන්ගේ ගෙවල් වලට අදායම්බදු දෙපාර්තමේන්තුවෙන් පැනල සෝදිසි කලොත් ඔය ගොඩක් හොර සල්ලි අල්ලගන්න පුළුවන්.
මොනවා තිබුනත් මොකටද , දැන් එයාලගේ යසස කීර්තිය ඔක්කොම ඉවරනේ, ධර්මෙන් උපයන දෙයක් වෙතොත් තමන් ලග රැදේවි, නැත්නම් ඕව විනාසවෙලා යනවා .