(සිතුම් චතුරංග)

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් රැගෙනවිත් කිලිනොච්චිය, පන්නන්කණ්ඩි ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 131 ක් සමඟ පුද්ගලයකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් දිසා අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු නිවසේ සඟවා තිබූ කේරළ ගංජා තොගය සමඟ අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

සැකකරු විසින් කේරළ ගංජා තොගය වෙනත් ප්‍රදේශයකට රැගෙනයාම සඳහා සුදානම් කොට තිබි ඇති බවත් පැවසීය.අත්අඩංගුවට ගත් ගංජා තොගය හා සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.