(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ඉන්දිකා රාමනායක, බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ, දෙහිවල එච්.එම්. ධර්මපාල)
වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 333ක් පමණ වන හෙරොයින් කිලෝ 270 කට වැඩි තොගයක් සමඟ බංග්ලාදේශ ජාතික තරුණයෝ දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායම් විසින් දෙහිවල, කවුඩාන පාරේ නිවෙසක දී අද (31) සවස අත්අඩංගුවට ගනු ලැබූහ.
කොකේන් කිලෝ 5ක්ද මෙම නිවසේ තිබී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ද ලැබී ඇත.
හොරොයින් කිලෝ 9ක් සමග බංග්ලාදේශ ජාතික තරුණයන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද (31) ගල්කිස්සේ දී අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු අනුව ඔවුන් කුලියට ගෙන පදිංචි වී සිටි අත්තිඩියේ නිවෙස සෝදිසි කිරීමේදී කේක් පෙට්ටිවල අසුරා තිබූ ඉතිරි හෙරොයින් තොගය සොයාගත් බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
මෙම මත්ද්‍රව්‍ය තොගය පකිස්තානයේ සිට ගෙන්වා ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇතත් මේවා මෙරටට ගෙනා ආකාරය පිළිබඳව තොරතුරු තවම හෙළිවී නැතැයි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතික තරුණයින් දෙදෙනා මෙරටට ගෙන එන මත්ද්‍රව්‍ය විකිණීම බාරගෙන සිටි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් දෙදෙනකු බවද ඔවුන් සංචාරක වීසාවලින් මෙරටට පැමිණ අත්තිඩිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගෙන එම නිවසේ පදිංචිවී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවද පොලිසිය පවසයි.
ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනා පොලීසියට කොටුවී ඇත්තේ ඔවුන් සන්තකයේ තිබූ කේක් පෙට්ටිවල ඇසුරූ හෙරොයින් ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට විකිණීමට ගොස් සිටියදී යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්‍ෂ තිලක් ධනපාල යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ එම කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.



(ඡායාරූප- බිමල් ශ්‍යාමන් ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට.. රේගුවට අහුවෙන්නේ නැතුව කොහොමද මේ තරම් ලොකු මත්කුඩු තොගයක්.. දෙහිවලට එනකම් ආවේ..?
මේ අයව නවතා තැබීම සඳහා විශේෂ මැදිරි සංකීර්ණයක් ගොඩ නැගිය යුතුයි. දැඩි දඬුවම් පැමිණ විය යුතුයි.
සංචාරකයින් වැඩිවෙලා.. පේනවා නේද?
මේ දෙන්නව පළමුවෙන්ම එල්ලන්න. කලින් නියම කරපු අය පසුවට කල් දාන්න .
මේවගේ මහා පරිමාණයෙන් හෙරොයින් ව්‍යාපාරය කරගෙන යන්න බංගලි අයට අපේ දේශපාලුවෙක්ගේ හෝ දේශපාලකයන් කිහිපදෙනෙකුගේ උදව් අනිවාර්යෙන්ම ලැබී ඇති බව පැහැදිලියි.
ජනවාරි පළමුදාම මෙවන් පුවතක් කියවීමට ලැබීමත් අපගේ මාතෘභූමිය පිළිබඳව කනගාටු දනවන පුවතකි.
මේ වගේ මහා පරිමාණයෙන් හොරොයින් ව්‍යාපාරය කරගෙන යන්න බංගලි අයට අපේ දේශපාලකයින්ගේ හෝ දේශපාලකයන් කිහිපදෙනෙකුගේ උදව් අනිවාර්යෙන්ම ලැබීඇති බව පැහැදිලියි.
මෙවැනි අවස්ථාවන්වලදී අවුරුදු ගණන් නඩු අහන එක කිසිම තේරුමක් නැති වැඩක්..! එතනම වෙඩි තියලා දැම්මා නම්, ගතවෙන කාලය... වියදම්...අනාගත, මෙවැනි උදාහරණ... ඉතුරු කරගන්න පුළුවන් නේද..?