(මුදිතා දයානන්ද)
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක සංචිතයක් පවත්වාගෙන යාමට රුපියල් කෝටි 30ක් වැය කර නවීකරණය කළ ගබඩා හයක් නිසි පරිදි ප්‍රයෝජනයට නොගෙන අතහැර දමා ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාකින් අනාවරණය වේ.
මෙම ගබඩා වලින් තුනක් ප්‍රතිසංස්කරණය කළ දා සිටම වසා දමා ඇති බවද එම වාර්තාවේ දැක්වේ.
රට තුළ සහල් හිඟයක් ඇතිවිම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක සංචිතයක් පවත්වාගෙන යාමේ රජයේ තීරණයට ක්‍රියාවට නැංවිම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව කළ කාර්යභාරය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තව සිදුකළ කාර්යසාධන විගණනයේ දි මෙම තොරතුරු අනාවරණය වී තිබේ. එහි වාර්තාව පසුගිය පෙබරවාරි මාසයේදි එළිදක්වා තිබේ.
එම වාර්තාවේ දැක්වෙන පරිදි වේයන්ගොඩ ගබඩා පරිශ්‍රයේ පිහිටි ගබඩා හයක් මෙලෙස විද්‍යාත්මකව නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙන්නේ රුපියල් 18,86,00,000කින් වියදමින් වසර පහකදීය.
වසර පහකදී සංවර්ධනය කිරිමට සැලසුම් කළ මෙම ගබඩා 2012 වසරේ සිට 2019 වසර දක්වා වසර හතක් තිස්සේ සංවර්ධනය කිරිම නිසා ලක්ෂ තිහකට ආසන්න මුදලක් වැයවි ඇති තිබේ. එය ඇස්තමේන්තු කළ වියදමට වඩා ලක්ෂ 11 ක් පමණ වැඩි වියදමකි.
මිට අමතරව කෝටි 8.6ක් වැය කර රටේ විවිධ ස්ථානවල ප්‍රතිසංස්කරණය කළ කෝටි 37ක් වටිනා තවත් ගබඩා පහක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසර ගණනාවක් තිස්සේ වසා දමා ඇති බවද එම වාර්තාවේ සඳහන්වේ.
එහි දැක්වෙන පරිදි ඉතිරි වේයන්ගොඩ ගබඩා පරිශ්‍රයේ පවතින ගබඩා අතරින් හයක් මෙසේ ප්‍රතිසංස්කරණය කර ඇති අතර එසේ ගොඩනැගු ඉතිරි ගබඩා තුනෙහිද අඛණ්ඩව සහල් ගබඩා කර නැත.
එම ගබඩා තුනෙන් එක් ගබඩාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාව වෙනුවෙන් වට්ටක්කා ගබඩා කිරිමට යොදාගෙන තිබේ. ශ්‍රී ලංකා පාරිභෝගික පමූපකාර සමිතිය වෙනුවෙන් තවත් ගබඩාවක අර්තාපල් ගබඩා කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
සහල් මෙට්‍රික් ටොන් 2522ක් ගබඩා කළ හැකි පරිදි විද්‍යාත්මකව ගොඩනැගු ගබඩාවල අල ගබඩා කිරිමෙන් ඒවා නරක් වි ජලවාෂ්ප තැන්පත්වී යන්ත්‍රසූත්‍ර හානියට පත්ව ඇති බවද එහි සඳහන් වේ. එයින් දෙපාර්තමේන්තුවට 33,75,000ක පාඩුවක් සිදුව ඇති නමුත් මේ දක්වා ඉහත කි සමුපකාර සමිතිය එය පියවා නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඩේටා බේස් එකේ මේවා නැද්ද දන්නේ නැහැ?
හැබැයි අර පාඩුකළාද? ගහ බේරගන්න යන වියදම ගැන තමයි හිතන්නේ...
අයියෝ අපේ සල්ලි..!!!
අවුලක් නෑ.. ඉතින් ඩඩ්ලි සිරිසේනගේ සිරිපාල ගම්ලත්ගේ ගබඩා ටික තියනවනේ පුරවන්න. අනික ඉතින් කෝටි 30ක අලුත් වැඩියාවකුත් කරලනේ. ශ්‍රී ලංකාව තුළ දේශපාලන පරයින් ඉන්න තාක්කල් මේ රට සදාකල් අගාධයටම යනවාමයි.
රජයට වී ලැබෙන්නේ නැතිනම් වී මිල පහත දමන්න.. නැතිනම් සහල් ඉන්දියාවෙන් ගෙන්වන්න.