බිමල් ශ්‍යාමන් ජයසිංහ
බේරුවල බලපිටිය මුහුදු සීමාවේ හෙරොයින් මත්කුඩු කිලෝ 231 යි ග්‍රෑම් 54 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය හා නාවික හමුදාව වැටලීමට සහය දක්වා ඇත.
එම මත්කුඩුවල වටිනාකම රුපියල් මිලියන 2778 අධික බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඡායාරූප - ඉෂාන් සංජිව




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලේ සුදාලටත් වඩා ජාවාරම් කාරයෝ ඉන්නවා නේද ?
අඩු වශයෙන් අද ඉන්න අපේ දේශපාලකයෝ වගේ නැතුව රටට සේවයක් කරනවා මේ අය.
මේවා අල්ලනවා පෙන්නනවා විතරයි අපි දකින්නේ ඊට පස්සේ මේවට මොනවද වෙන්නේ කහුරුත් දන්නේ නැහැ
අල්ලපු මිනිස්සු දෙන්නට මරණ දඬුවම දීලා වැඩක් නැහැ. මේවා ලංකාවට ගෙන්නපු ලොක්කා අල්ලාගන්න.
මේවා පාන්පිටි වේවිද ඉක්මනින්ම.?
උපරිම දඬුවම් දිය යුතුයි.
මත්ද්‍රව්‍ය නීති විරෝදීලෙස ප්‍රවාහනය කරන වැලි පස් හරක් මංකොල්ලයට ගෙනගිය වාහන රාජසන්තක කරන නීති ගෙනෙන්න ඕන
මහා විශාල මත් කුඩු තොග අල්ලන බවට මාධ්‍ය වල පල උනාට අත් අඩංගුවට ගන්න අයට වෙන දෙයක් නෑ. ඔවුන්ට දෙන දඬුවම් ගැන මාධ්‍ය වල පලවෙන්නෙත් නෑ. අග්නිදිග ආසියාවේ ලොකුම කුඩු තොගය ඇල්ලුවා කෝ කාටවත් දඬුවම් දුන්නද? මාධ්‍යවල වගකීම ඒ පිලිබඳ සොයා බලා උපරිම ප්‍රචාරක් ලබාදීමයි.
මට තිබෙන ප්‍රශ්නය ඒක තමයි. කෝටි ගණනින් අල්ලන මත්ද්‍රව්‍ය වලට මොනවද වෙන්නේ සහ මේ මිනිස්සුන්ට මොනවද වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට මම දකිනවා කුඩු ග්‍රෑම් දෙක තුනක් තියාගත්තු අයව යවනවා හිරේට. මේකේ ලොකු එක්කෙනා අල්ලලා මරණ දඬුවම දෙන්න ඕන.
ඔව් පැරකුම් එය ඉතා හොඳ අදහසක්