
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජසන්තක කරන ලද කෝටි 25ක මැණික් මල්ලක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමතියකින් තොරව අවම දඩ මුදලක් යටතේ නීති විරොධීව මුදා හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.
එහිදී අධිකාරියේ වගකීම පැහැර හැර ඇති බවද කමිටුව පෙන්වා දුන්නේය.
මේ අතර එවකට සිටි ප්‍රධානීන් ලක්ෂ 61ක් වියදම් කර ලාස්වේගාස් මැණික් ප්‍රදර්ශනයකට යෑමේ සිද්ධියක් පිළිබඳවද එම කමිටුවේ අවධානය යොමුවිය.
ලස් වේගාස් මැණික් ප්‍රදර්ශනයට සහභාගී වී ගත් දැනුම සහ අත්දැකීම් ඔස්සේ ප්‍රථමවරට අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව රත්නපුර මැණික් ප්‍රදර්ශනය සාර්ථක ලෙස සංවිධානය කිරීමට හැකි වූ බවත්, එවැනි විදේශ අත්දැකීම් ඔස්සේ මෙරට මැණික් ව්‍යාපාරය දියුණු කළ හැකි ක්‍රමවේද සැකසීම සිය අරමුණු වූ බවත් ඊට ප්‍රතිචාර දක්වමින් එවකට සභාපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මැණික් මල්ල තමා කුප්‍රකට, නම ගිය ඩේසි ආච්චිගේ ගෙදර ඉස්තෝප්පුවේ කනප්පුව මත තිබුනේ. ඒ නාකි ආච්චිට, මැණික් මල්ලක් ඕන නැති නිසා, ඒක මැදමූලන යොශිත රාජපක්ෂට දීලා, කෝටි ගණනක් වටිනා මන්දිරයක් මිලදී ගැනීම සඳහා... ඔන්න ඕකයි නැති වුණා කියන මැණික් මල්ලේ කතාව...! "දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා" කියන්නේ ඔය වගේ කථාවලට...
අනේ කවුරුත් ආච්චිලවනං මතක් කරන්න එපා.
ඒ මැණික් මල්ලද දන්නේ නෑ අර ඩේසි ආච්චිට අරන් ගිහින් දුන්නේ කව්ද එකෙක්.
ඩේසී ආච්චි ළග, එහෙම නැත්නම් මැදමූලනේ කට්ටිය ගාවට ගියාද කවුද දන්නේ ?
ගිය පාර කෝප් එකේදී එලියට ආව ... ..
කලින් ආව කමෙන්ට් පහුවෙලා දාන කැත පුරුද්ද ඉක්මනින්ම නැතිවේවායි ප්‍රාර්ථනා කරනවා!