(ටී.කේ.ජී.කපිල)

රුපියල් දහසය කෝටි හතලිස් ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක්  කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.  

සැකකරුවන්  කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33 සහ 28 වයස් වල පසුවන පිරිමි දෙදෙනකු සහ 35 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි . ඔවුන් අතරින් එක් පුද්ගයකු ඔවුන් පදිංචි ප්‍රදේශයේ " ස්පා " සම්භාහන ආයතනයක් පවත්වා ගෙන යනු ලබන අයෙකි .

ඔවුන් මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , රැගෙනවිත් තිබූ බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි. 

මොවුන් විසින් රැගෙන ආ ගමන් මලු අතර වූ එක් ගමන් මල්ලක් තුළ , පැකැට් 60 ක් ලෙස අසුරා සකස් කළ , "කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 16 යි ග්‍රෑම් 400 ක් සඟවා ගෙන සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.