(ටී.කේ.ජී.කපිල)
රුපියල් එකොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා පවුම් 408 ක් බරැති රන් බිස්කට් 28ක්, මෝටර් රථ අමතර කොටස් තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අද (11) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු හලාවත ප්‍රදේශයේ පදිංච් 58 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර ව්‍යාපාරිකයන් සදහා වූ "රක්ත මාවත" ( Red Channel) ඔස්සේ පැමිණ , තමන් ගෙන ආ මෝටර් රථ අමතර කොටස් තොගය සදහා අදාල තීරු බදු ගෙවා ගුවන් තොටුපොළෙන් පිට වී යාම ආරම්භ කර තිබේ .
එහෙත් ඔහු පිළිබද ලැබී තිබූ බුද්ධි තොරතුරු පදනම් කර ගෙන , කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඔහු අත් අඩංගුවට ගෙන , මෙම මෝටර් රථ අමතර කොටස් , ගලවා සියුම් ලෙස පරීක්ෂා කර බලන්නට විය .
එහිදී එම මෝටර් රථ කොටස් තුළ සූක්ෂම ලෙස සගවා තිබූ කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 266 ක් බරැති , රන් බිස්කට් 28 ක් සොයා ගැනීමට එම දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී තිබුණි.
පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා , ඔහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රන් බිස්කට් තොගය, කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කෝටි 11ක රන් කටුනායකින් අල්ලයි