
(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි එකොළහක් වටිනා රත්තරන් ජෙල් කරල් 16 ක් ගුවන් මගියෙක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද අලුයව අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු කොළඹ - 02 කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
ඔහු පැමිණි ගුවන් යානය වෙත පිවිසි කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් මගියා සහ ඔහුගේ ගමන් මල්ල අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 423 යි මිලි ග්‍රෑම් 9 ක් බරැති මෙම රත්තරන් ජෙල් තොගය කරල් 16 ක් ලෙස සකස් කර සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
මේ වනවිට මෙම රත්තරන් ජෙල් තොගය රජයේ රස පරීක්ෂක වෙත විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීම සදහා යොමු කර ඇති අතර , ඔහුගේ ජංගම දුරකථනයට සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට ද ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඇල්ලුවාට වැඩක් නෑ... වුණාට දෙනවා ඕවා පස්සේ...!
කුඩු රත්තරන් වෙලා
හොඳයි .මේ කුඩු කාරයා සැඟවුන අමුත්තෙක් හැටියට තියාගන්න .ආයෙත් කුඩු ගේන්න ලේසි නෑ එයාට .ඒ වගේම මේ කුඩු ටික අතුරුදන් කරන්න .එතකොට ටිකක් අඩු ගානට කුඩු ගන්න පුළුවන් වෙයි