(මුදිතා දයානන්ද)
ඉන්දීය ණය ආධාර යටතේ රුපියල් කෝටි 1156ක් වැය කර (ඇමරිකන් ඩොලර් කෝටි 8.26ක්) මිලදී ගත් දුමිරිය මැදිරි 160 නිසි පරිදි මගී ප්‍රවාහනයට යොදවා නැතැයි විගණන වාර්තාවකින් කියැ වේ.
එනිසා ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණ ඉටු වි නැතැයිද එහි සඳහන් වේ.
මෙම වාර්තාවට අනුව එක් මැදිරියක් මෙරටට ගෙන්විම වෙනුවෙන් ඇමෙරින් ඩොලර් මිලියන 0.558ක් වැයකර ඇති අතර ඒවා ගෙන්වා තිබෙන්නේ 2021 වසරේදීය.
මෙම මැදිරි අතරින් දහයක් මුලින් භාරගෙන සෙසු සියල්ල කිසිදු පරීක්ෂා කිරිමකින් තොරව පිරිවිතරයන්ගෙන් බැහැරව ලබාගෙන ඇති බවද ඒවායේ දිග පළ උස මෙන්ම ආසන ප්‍රමාණයන්ද පිරිවිතරයන්ගේ දැක්වෙන ප්‍රමිතීන්ට අනුකූල නැති බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම විගණන වාර්තාවට අනුව එම මැදිරි නියමිත ප්‍රමාණයට වඩා දිගින් හා පළලින් වැඩිවීම අනතුරුවලට හේතු වේ. විශේෂයෙන්ම දැඩි වංගු සහිත මාර්ගවල එනම් උඩරට දුම්රිය මාර්ගය වැනි මාර්ගවල මෙම මැදිරි සහිත දුම්රිය ධාවනය කිරිම දුම්රිය පිලිපැනීම්වලට හා අනතුරුවලට හේතුවේ.
එසේම පිරිවිතරයේ සඳහන් ප්‍රමාණයට වඩා ගෙන්වන ලද මැදිරිවල ආසන අඩුවි තිබු බවද එම වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව තුන්වන පංතියේ මැදිරිවල ආසන 82ක්ද, දෙවන පංතියේ මැදිරිවල ආසන 82ක්ද වායු සමනය කරන ලද මැදිරිවල ආසන 70ක්ද වශයෙන් ආසන 234ක් අඩුකර තිබේ. එය එසේ වුවද එයින් දෙපාර්තමේන්තුවට පාඩුවක් සිදුව නැතැයි නිලධාරින් විගණනයට දන්වා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ගනු දෙනු දුම්රිය දෙපාර්තමේන්තුව තුල සිදුවෙද්දී වෘතිය සමිති නිහඩව සිටින්නේ ඔවුන් මේ පිලිබදව නොදන්නවා වෙන්නට ඇත.
මේ මැදිරි ගෙනාවේ උඩරට මාර්ගයේ ධාවනයට. අඩි 55 මැදිරි වලත් බෆර් ගලවලා දුවන්නෙ (රාත්‍රී තැපැල් දුම්රිය). විඝණනය හොදයි, හැබැයි ඒ අයට තේරුම් කරන්න විෂය සම්බන්ධව කරන්න අමාරුයි., ගොඩාක් අය ඔලුව උදුම්වාගෙන එන්නේ. අපෙත් එහෙමයි. අපේ රටෙ දුම් රිය මාර්ගය අබලන්. පානදුරෙන් එහාටයි වවුනියාවෙන් එහාටයි විතරයි මහින්ද මහත්තයාගේ කාලේ හැදුවේ,. දකුණ මුහුදුබඩ මාර්ගය පාන්දුරෙන් මේහාට හදලා නෑ. ඉතින් අලුතින් ගෙනාවට මාර්ගය හදලා නැත්තම් වැඩක් නැහැ. එන්ජිම් ගේන්න වෙන්නේ බයිසිකල් එන්ජිබ් විතරයි දැන් මාර්ගයේ හැටියට.
දැන් ජනතාව බදු ගෙවන්න ඕනෙ මේවාටත් එක්කද? අදාල නිලධාරීන්ගෙන් මේවා වහාම අයකර ගනු!
නන්දසේන රටට කරපු විනාශ වලින් පොඩි කොටසක්... බයි වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ..,?
පුද්ගලික අංශයේ අපිට තවත් බදු ගහලා මේ වගේ කම්බ හොරු බේරාගෙන, රට කරපල්ලා. සාධාරණව, මහන්සි වෙලා හම්බ කරන අපි, අපි මැරෙන්නම්... නුඹලා අපිට ගහන බදුවලින් හොරකම් කරලා ආතල් ගනිල්ලා. හෙන ගහනවා...!
එන්න අපි තව බදු ගෙවමු...
මෙම මැදිරි ගෙනාවේ දැනට පවතින රුමේනියන් (රතු මැදිරි) වලට ආදේශ කරන්න. උඩරට මාර්ගයටම විශේෂව චීනයෙන් s14 පවර් සෙට් ගෙනාවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ මැදිරිවල ඇති කර්මික දෝෂ සහ මෙම මැදිරිවලට ප්‍රමිතියකින් යුතු නිමාවක් නැති වීමයි. දෙවන පන්තියේ ආසන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා...
ඕකට උත්තර දෙන්න ඕනෑ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය. බලන්න ඕක අධීක්ෂණය කරපු ප්‍රමිති නිලධාරීන්...!