
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාහන කුලියට ලබා දෙන ස්ථාන වලට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර වාහන ලබාගෙන ඒවායේ චැසි හා ඇන්ජින් අංක ව්‍යාජ ලෙස වෙනස් කර හා කොටස් කර විකුණන සංවිධානාත්මක කල්ලියකට සම්බන්ධ තිදෙනෙක් මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය .
එම කණ්ඩායම විසින් එලෙස සොරාගත් රුපියල් කෝටි දහයකට අධික වටිනා මෝටර් රථ දාහතක් සහ වෑන් රථයක් පොලිසිය මඟින් සොයාගෙන ඇත .
යක්කල , මීරිගම හා මගලෙගොඩ ප්‍රදේශවල එම සැකකරුවන් පදිංචිව සිට අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd