(යොහාන් භාසුර)
දුම්රිය සඳහා ඉල්ලුම වැඩිවීමත් සමඟ දුම්රිය ප්‍රවේශපත් අවසන් වෙමින් තිබෙන බවත් මෙම තත්වය මත දුම්රිය ස්ථානය රැසක සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීම අර්බුදකාරී වනු ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරු පවසති.
කොළඹ කොටුව, මරදාන, ගම්පහ, වේයන්ගොඩ සහ රාගම ආදී දුම්රිය ස්ථානවල මෙන්ම උප දුම්රිය ස්ථාන රාශියකම මේ වන විට සාමාන්‍ය ප්‍රවේශපත් අවසන් වීම මත ගැටලුවක් උද්ගත වෙමින් තිබෙන බවත් සාමාන්‍ය ප්‍රවේශපත් මුද්‍රණය කරන කඩදාසි ආනයනය කිරීමට ඉදිරියේ දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත් ස්ථානාධිපතිවරු කියති.
භාවිත කළ ප්‍රවේශපත් නැවත භාවිතා කිරීමට හැකි වන ක්‍රමවේදය යළි ස්ථාපිත කරන්නේ නම් නව ප්‍රවේශපත් මුද්‍රණය වෙනුවෙන් දරණ පිරිවැය යම් ප්‍රමාණයකට හෝ අවම කර ගැනීමේ හැකියවක් ඇති බව කියන ස්ථානාධිපතිවරු ප්‍රවේශපත් හිඟය පිළිබඳව දුම්රිය බලධාරීන් අවධානය යොමු නොකරන බව ද සඳහන් කරයි.
රජයේ මුද්‍රණාලය හරහා ප්‍රවේශ පත් නවතා එම මුද්‍රණ උපකරණ මේ වන විට දුම්රිය මූලස්ථානයේ පිහිටි මුද්‍රණ කාර්යාලයට ගෙනවිත් ඇති බවත් ඒ සඳහා මේ වන විට පුහුණු සේවකයන් මෙන්ම එම කාර්යාලීය කටයුතු සඳහා ප්‍රමාණවත් සේවකයන් අනුයුක්ත කිරීමට අසමත් විම මත එහි කටයුතු මන්දගාමී වී ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරු සඳහන් කරයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කෝච්චියට මගීන් වැඩී වී ප්‍රවේශපත්‍ර හිඟ වෙයි