(පුෂ්පකුමාර ජයරත්න, ශාන්ත පී බණ්ඩාර සහ අජන්ත බණ්ඩාර)
කෑගල්ල, සහ කුරුණෑගල ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටීමෙන් සිව් දෙනකු මියගොස් කාන්තාවක් තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය කියයි.
කෑගල්ල පුස්සැල්ල දේවාලේගම ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මව පියා සහ පුතා පස් කන්දට යටවී මෙන් පියා සහ පුතා අතුරුදන්වී සිටි අතර පැය පහක පමණ මෙහෙයෙකුමකින් පසු අද දහවල් පියාගේ සහ පුතාගේ සිරුරු සොයාගත් බව සහන කණ්ඩායම් කියයි. එම නිවසේ සිට මව රෝහල්ගත කර ඇතැයිද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මව මේ වන විට කෑගල්ල රෝහලට රැගෙන ආ අතර ඇයගේ තත්ත්වයද බරපතල බව රෝහල් ආරංචි මර්ග පවසයි.
කුරුණෑගල දොඩම්ගස්ලන්ද කොරොස්ස ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් අඹුසැමි යුවළක් මියගොස් ඇත.
වයස අවුරුදු 65 සහ 70 වයසේ පසුවන්නන් දෙදෙනකු මෙසේ මියගොස් ඇත.
(කෑගල්ල පස්කන්ද කඩාවැටී ඇති අයුරු ඡායා ශාන්ත පී බණ්ඩාර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි පාලකයින් රටවල් පාලනය කරද්දී මෙහෙම දේවල් වෙනවා. අපි නෙමේ කිව්වේ... හාමුදුරුවෝ. සැමට ඉක්මන් සුවය ලැබේවා..!!!
covid -19 නිසා සහ ආර්ථිකයෙන් අසරණව සිටි පුරවැසියන් හට දේශපාලනයෙන් පවා විසඳුම් නොලැබෙන මොහොතක සොබාදහම කම්පා වී ආපෝ, තේජෝ, වායෝ සහ පඨවි සියල්ලෙන්මද පීඩා කරමින් සිටියි..
මුළු රටටම දේව සාපයක් ලැබිලා...