(පුෂ්පකුමාර ජයරත්න, ශාන්ත පී බණ්ඩාර සහ අජන්ත බණ්ඩාර)
කෑගල්ල, සහ කුරුණෑගල ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටීමෙන් සිව් දෙනකු මියගොස් කාන්තාවක් තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය කියයි.
කෑගල්ල පුස්සැල්ල දේවාලේගම ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මව පියා සහ පුතා පස් කන්දට යටවී මෙන් පියා සහ පුතා අතුරුදන්වී සිටි අතර පැය පහක පමණ මෙහෙයෙකුමකින් පසු අද දහවල් පියාගේ සහ පුතාගේ සිරුරු සොයාගත් බව සහන කණ්ඩායම් කියයි. එම නිවසේ සිට මව රෝහල්ගත කර ඇතැයිද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මව මේ වන විට කෑගල්ල රෝහලට රැගෙන ආ අතර ඇයගේ තත්ත්වයද බරපතල බව රෝහල් ආරංචි මර්ග පවසයි.
කුරුණෑගල දොඩම්ගස්ලන්ද කොරොස්ස ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් අඹුසැමි යුවළක් මියගොස් ඇත.
වයස අවුරුදු 65 සහ 70 වයසේ පසුවන්නන් දෙදෙනකු මෙසේ මියගොස් ඇත.
(කෑගල්ල පස්කන්ද කඩාවැටී ඇති අයුරු ඡායා ශාන්ත පී බණ්ඩාර)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කෑගල්ලේ සහ කුරුණෑගල නිවෙස් දෙකකට පස් කඳු වැටී හතරක් මරුට
දයාල් Wednesday, 10 November 2021 06:58 AM
කාලකන්නි පාලකයින් රටවල් පාලනය කරද්දී මෙහෙම දේවල් වෙනවා. අපි නෙමේ කිව්වේ... හාමුදුරුවෝ. සැමට ඉක්මන් සුවය ලැබේවා..!!!
Gamunu Wednesday, 10 November 2021 07:34 AM
covid -19 නිසා සහ ආර්ථිකයෙන් අසරණව සිටි පුරවැසියන් හට දේශපාලනයෙන් පවා විසඳුම් නොලැබෙන මොහොතක සොබාදහම කම්පා වී ආපෝ, තේජෝ, වායෝ සහ පඨවි සියල්ලෙන්මද පීඩා කරමින් සිටියි..
Perera Thursday, 11 November 2021 02:04 AM
මුළු රටටම දේව සාපයක් ලැබිලා...