(ශාන්ත බණ්ඩාර)
කොරෝනා අවදානම වැඩි වීම නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් මෙම 30 වැනි දා තෙක් වසා දැමීමට තීරණය කළ බව සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.
කැගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවැති දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.
සබරගමුව ආණ්ඩුකාර ටිකිටි කොබ්බෑකඩුව, දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
කොරෝනා දැඩි අවදානමක් ඇති බස්නාහිරට සහ වයඹට යාව පිහිටිම නිසා කෑගල්ල දිස්ත්‍රික්කයට කොරෝනා අවදානම වැඩි බව එම රැස්වීමේ දී සාකච්ඡාවට බඳුන් විය.
වයඹ සහ බස්නාහිර පළාත්වලින් කෑගල්ලේ පාසල්වලට ගුරුවන් විශාල පිරිසක් පැමිණෙන බැවින් මේ මොහොතේ පාසල් වැසිය යුතු බව එම රැස්වීමට එක්වූ වැඩි දෙනාගේ අදහස විය
අද දින කෑගල්ල දිස්ත්‍රික් පාසල්වලට සිසුන්ගේ පැමිණීමද ඉතා අඩුමට්ටමක පැවැතීමණ මෙහිදී වැඩි අවදානය ලක් විය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කෑගල්ලේ සියලු පාසල් සතියක් වසයි
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 27 April 2021 06:37 AM
මෙලෙසින්ම, රටේ සියලුම පාසල් දින 14ක් වසා තබන්න.