(ශාන්ත බණ්ඩාර)
කොරෝනා අවදානම වැඩි වීම නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් මෙම 30 වැනි දා තෙක් වසා දැමීමට තීරණය කළ බව සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.
කැගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවැති දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.
සබරගමුව ආණ්ඩුකාර ටිකිටි කොබ්බෑකඩුව, දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
කොරෝනා දැඩි අවදානමක් ඇති බස්නාහිරට සහ වයඹට යාව පිහිටිම නිසා කෑගල්ල දිස්ත්‍රික්කයට කොරෝනා අවදානම වැඩි බව එම රැස්වීමේ දී සාකච්ඡාවට බඳුන් විය.
වයඹ සහ බස්නාහිර පළාත්වලින් කෑගල්ලේ පාසල්වලට ගුරුවන් විශාල පිරිසක් පැමිණෙන බැවින් මේ මොහොතේ පාසල් වැසිය යුතු බව එම රැස්වීමට එක්වූ වැඩි දෙනාගේ අදහස විය
අද දින කෑගල්ල දිස්ත්‍රික් පාසල්වලට සිසුන්ගේ පැමිණීමද ඉතා අඩුමට්ටමක පැවැතීමණ මෙහිදී වැඩි අවදානය ලක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලෙසින්ම, රටේ සියලුම පාසල් දින 14ක් වසා තබන්න.