(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ ඥාති සොයුරාව ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන 23 හැවිරිදි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස් දෙනකු  පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

එම සැකකරුවන් හා සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 38 ක් ක් හා යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් හා කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ මගින් සැකකාරිය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 10 වෙනිදින කොළඹ 10 සංඝරාජ මාවත, සූරතිස්ස මාවතේ පිහිටි සිය ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට දී එහි හිමිකරු වූ මොහොමඩ් අස්මි මොහිදීන්  නාඳුනන වෙඩික්කරුවකුගේ අතින් ඝාතනයට ලක් විය.