(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2021 වර්ෂයේදී එහි සේවකයන් සඳහා නීතියට පිටින් රුපියල් කෝටි 15 කට වැඩි වටිනා ප්‍රසාද දීමනා( බෝනස් ) සහ කාර්ය සාධන දිරි දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවා ඇතැයි නිරීක්ෂණය වන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
සංස්ථාවේ එක් සේවකයකුට රුපියල් 13,500 බැගින් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට ආසන්න ප්‍රසාද දීමනා 2021 වර්ෂයේදී නීතියට පිටින් ගෙවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
සාමූහික ගිවිසුමක් සහිත සංස්ථාවකට රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ( PED/3/2018) සහ (PED/ 03/ 2021) අදාල කර ගත නොහැකි වන නමුත් ඒ චක්‍රලේඛ විධිවිධානවලට අනුව යමින් එම ප්‍රසාද දීමනා ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර සේවකයකුට මාසික වේතනය බැගින් සියලු සේවකයන්ට කාර්ය සාධන දිරිදීමනා ලෙස රුපියල් කෝටියකට වැඩි මුදලක් 2021 වර්ෂයේදී භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ගෙවා ඇතැයි පවසන විගණන වාර්තාව සේවකයන්ගේ ඉතිරි වාර්ෂික නිවාඩු වෙනුවෙන්ද එම වර්ෂයේදී රුපියල් හත් කෝටියකට වැඩි මුදලක් ගෙවා ඇතැයි සඳහන් කළේය.
මේ තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2021 කාර්ය සාධන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඖෂධ සංස්ථාව නීතියට පිටින් කෝටි 15ක දීමනා ගෙවලා
පුරවැසියෙක්....... Monday, 17 April 2023 04:16 PM
මේ සඳහා අනුමැතිය ලබාදීම සිදුකළ ප්‍රධානීන්ගේ පෞද්ගලික ධනය හෝ දේපලවලින් මෙම මුදල් අය කරගත යුතුයි. මේ සඳහා නීති නොමැති නම් නීති සම්පාදනය කිරීම විය යුතුයි...
චමින්ද Monday, 17 April 2023 07:07 PM
ගෙවීමක් කරන්න අවස්ථා හතරක් පසුකරන්න තියෙනවා... එනම් බලයදීම අනුමත කිරීම සහතික කිරීම හා ගෙවීම කියලා ඒවා නම්කර තියෙනවා. එතකොට ඒවා කරන්න වෙන්නේ මුදල් තත්වය බැලීමෙන් පස්සේ තමයි බලය දෙන්න පෙර ඒවා බලන්න නැහැ කියලා පේනවා... මොකද කවුද දෙයියන්ගේ මල්ලීට අකමැති කිසිවකු නැතිනිසා ඇත්තටම භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලන්න ඉදිරිපත් කළයුතු වාර්තා හරියට පරීක්ෂා කළානම් ඕක නොවෙන්න තිබුණා...