(අංජුල මහික වීරරත්න)
හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති රැස්වීමකදී පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සොයා බලා වර්තා කිරීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස්විය.
එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම කරුණු හෙළිකරමින් කීවෙි ඖෂධ, ශල්‍ය උපකරණ හා රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 4 කින් ගෙවීම් කර නැති බවයි.
මෙම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම, දේශීය ඖෂධ හා උපකරණ නිෂ්පාදක සංගම්, පෞද්ගලික රෝහල් සංගම්, ඖෂධ ආනයනකරුවන්ගේ සංගම් යනාදී ආයතන නියෝජනය කරමින් නිලධාරීහුද සහභාගී වී සිටියහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඖෂධ රැසක දැඩි හිඟයක්
pakeer Sunday, 15 May 2022 01:21 PM
මේ ප්‍රශ්නය ඉතා ඉක්මණින්ම විසඳිය යුතු ප්‍රශ්නයක්.. හරිම කණගාටුයි..!
Rohana Sunday, 15 May 2022 02:18 PM
ඹෟෂධ අතිශයින්ම අත්‍යාවශ්‍ය දෙයකි. රෝගීන් නොමැරී ජීවත්වන්නේ ඹෟෂධ නිසායි. කුමන ප්‍රශ්ණ තිබුණත් ඖෂධවලට ප්‍රමුඛතාවය දිය යුතුමය.