




ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ගල්කිස්ස මුහුදුතීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 360 පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලැබූ ආදි විද්‍යාර්ථීහු, ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකා නිලධාරීහු, ග්‍රීන් මැප් ශ්‍රී ලංකා ආයතනයේ නියෝජිතයෝ සහ ධීවරයෝ පිරිසක්ද මීට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් පිරිසිදු වෙරළ තීරයන් පැවතීම අතිශය වැදගත් බවත්, ගල්කිස්ස වෙරළතීරය පිරිසිදුකිරීම සතුටට කරුණක් බවත්, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ජෝන් පිලිප් මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට මහකොමසාරිස් කාර්යාලයක් මැදිහත්ව අපේ රටේ පරිසරය සුරැකීමට සිදුවීම ගැන ලංකාවේ මිනිස්සු, දේශපාලකයෝ සියලුම දෙනා මහත් ලැජ්ජාවටත්, කලකිරීමටත් පත්විය යුතුය. තමන්ගේ රටවත් තමන්ට පිරිසිදුව තබා ගැනීමට නොහැකි මිනිස්සු කවදා පිරිසිදු දේශපාලකයින් මේ රටේ බිහි කරාවිද?
මෙව්වා කෙරෙන්න ඕන වැඩ. අපේ රටේ උගත්තු අරන් ගිහින් එහෙ වැඩ කරව ගන්නවට වන්දි විදියට මෙහෙම පැය කිහිපයක් ඡායාරුප වලට වැටෙන්නවත් සේවයක් කරපු එක ඉතාම හොඳ දෙයක්.
වෙරල ලස්සන වෙලා, එත් මේ කුණු කොහෙටද දාන්නේ? මුහුදටද?
කැන්ගරුවන් ලංකාවට කරපු අපහාසය හුඟාක් වටිනවා.
අපේ අදාළ දෙපාර්තමේන්තු ඔවුන්ගේ රාජකාරිය හරියට කරන්නේ නැහැ කියලා නේද මේ කියන්නේ? මේවා ඉතින් සුද්දෝම පෙන්නලා දෙන්න ඕන අපේ මිනිසුන්ට.
දෙහිවල -ගල්කිස්ස නගර සභාව නිදි, බදු විතරය, ඔස්ට්‍රේලියාව එන්න ඕන පිරිසුදු කරන්න.
අපේ අය මේ දවස්වල විල්පත්තු මුර කරනවා ඒකයි නැත්නම් එනවා සුද්ද කරන්න
අපේ අය ඔස්ට්‍රේලියාවට ගිහින් එහෙ තියන කුණු සුද්ද කරන ඒවා ෆොටෝ ගහලා පෙන්වන්න තමයි කවුරුත් නැත්තේ? අපේ අය සුද්දන්ට කරන සේවයේ හැටියට සුද්දෝ අපිට ඔහොම කරලා මදි?
දෙහිවල ගල්කිස්ස නගරාදිපති මර නින්දේද? දැන්වත් අවදිවෙනවා හලෝ
ඉහත කාර්යය ඉතා අගය කල යුතුය. රට තුළ සිටින මිනිසුන්ගේ ආකල්ප සංවර්ධනය වන තාක් කල් මුහුදු වෙරල පමණක් නොව කිසිදු දෙයක් රැක ගත නොහැක. තමන් ගැන පමණක් නොසිතා තමා මෙන්ම අනික් අය ගැනද සිතන්නේ නම් වෙරළ පමණක් නොව සියලුදේම ආරක්ෂා කරගත හැකිවනු ඇත.
ලංකාවෙ මිනිස්සු තේරුම් නොගන්න කාරණයක් තමයි ලංකාව කොච්චර ලස්සන කොච්චර සුන්දර රටක්ද කියන එක. ඒ ස්වභාවික වටිනාකම ගැන කිසි හැගීමක් නෑ. පරිසරය කියන්නෙ තමන්ගෙ ජීවිතයේම කොටසක්. එය රැකබලා ගැනීම හැම කෙනාගෙම වගකීමක්. ලෝකෙ මිනිස්සු කොයිතරම්නම් දුක් විදිනවද මේ ස්වභාවික සම්පත් නැතිව.
පාර්ලිමේන්තුවේ ඉන්න මහාජන නියෝජිතයෝ 225 මේ වැඩේට ගන්න බැරිද?
ආණ්ඩුවට උනන්දුව තියෙනවනම් ප්ලාස්ටික් බීම බෝතල් සම්පුර්ණයෙන් තහනම් කරන්න පුළුවන්.අර සශේ කියල පොඩි පැකට් තියෙන පාවිච්චියෙන් පාරටමයි විසික් කරලා දාන්නේ . ලංකාවේ ඉස්සර බීම බෝතල් තිබ්බේ වීදුරු වලින් ,ඇති වෙනකල් භාවිතා කළා. 2020 දී යුරෝපයේ සියලුම ප්ලාස්ටික් ඇසුරුම් තහනම් කිරීමට යෝජනා වී තියෙනවා.මිනිස්සුත් හිතන්නේ තමන්ගේ වත්තෙන් එලියට ප්ලාස්ටික් ටික ගිහින් දැම්මහම ඔක්කොම ඉවරයි කියල. දැනටමත් ලංකාවේ අපි බොන ජලය / පරිසරය අපිරිසිදු වෙලා තියෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් හින්ද විතරමයි !
අපේ ඔෆිස් එකෙන් හැම අවුරුද්දකම මුහුදු වෙරළ පිරිසිදු කරනවා....ඒ්ත් මෙහෙම ප්‍රසිද්ධිය දෙන්නේ නෑ..
ලැජ්ජාවක් වුනත්, ඕස්ට්‍රේලියානුවන් අප හට කියාදුන් පාඩම ඉතාමත්ම අගනේය. මහා ලොකුවට මන්ත්‍රීවරුන් පුරවාගෙන ඒ සභා මේ සභා තියෙනවා. සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ රාජ්‍ය හා අනෙකුත් තැන් තියෙනවා. ඒත්, අවශ්‍යම දේවල් පේනවාද? නැහැ නේද? විදේශිකයන් කුණු කසල තැන තැන දමන්නේ නැත. ඒත්, අපේ බොහෝ මිනිසුන් කිසිදු චාරයක් නැතිව තැන තැන කුණු කසල දැමීමට පුරුදුව ඇත. දැන් හෝ මේවාට දඬුවම් දිය යුතුය. දඩ ගැසිය යුතුය. කෙසේ හෝ අපට හා අපේ වගකිවයුතු ඇත්තන්ට සත්‍ය වටහා දුන් විදේශිකයන්ට ස්තුති වේවා !!!
සුද්ධ පවිත්‍ර කිරීම අඩු කුලයේ මිනිසුන්ගේ වැඩක් කියල ලංකා සමාජයේ තිබෙන පටු ආකල්පය දුරු කරන්න මේවා හොඳ අදහස් ...
ඇයි මේ ලංකාවටම ඇවිත් කහලගොඩවල් සුද්ධ කරන්නේ..? පලයල්ලකෝ ඉන්දියාවට. ලංකාවේ වගේ සියගුණයක් කිලුටුයි. ඇයි උඹලට ඒවා පේන්නේ නැත්තේ..? ඉන්දියාවේ නායකයෝ ලංකාවේ අපි වගේ හැම එකාටම මගුල් නටන්න එන්න දෙන්නේ නෑ. අපේ ඉන්න මෝඩ පරගැති පාලකයෝ ඕනේ එකෙකුට අපේ රටේ දේවල්වලට ඇඟිලි ගහන්න ඉඩ දීලා උන් මහජන සල්ලි හොරකමේ යනවා. මෙහෙම පිටරටින් ඇවිත් සුද්ද කළාට රටක් දියුණු වෙන්නේ නෑ. අපේ මෝඩයින්ට එ්ක තේරෙන්නේ නෑ. කහල ගොඩවල් අපේ මිනිස්සුම සුද්ධ කරන්න ඕනේ නම් එකට නීතියක් දාලා, කහල එකතු කරන භාජන තියලා, ඒවා එකතු කරන්න ක්‍රමයක් හදලා, ප්‍රතිචක්‍රීය කරන්න ෆැක්ටරි හදලා, ක්‍රමයක් නිර්මාණය කරන්න ඕනේ. මේ පෝර උරයකට කහල එකතු කළා කියලා කොහොම ඉවර කරන්නද?
මේකට කාටවත් බැනල වැඩක් නැහැ. බොහෝ ලාංකිකයින් පුරුදුවී ඇත්තේ තමන්ගේ කුණු අපිලිවෙලින් තමන්ගේ පරිසරයට විසිකර දැමීමටයි. එබැවින් කල යුත්තේ අනුන්ට ඇඟිල්ල දික් කිරීමට පෙර, තමන් හැදී සිටීමයි.
ලංකාවේ කව්රුත් කැමති සුට් ගහගෙන පුටු උඩට වෙලා ඉන්න. ගර්ම කලාපිය රටක් වන ලංකාවේ තරම් කරපටි (neck Tie ) භාවිතා කරන අය මුළු ඔස්ට්‍රලිවෙවත් නැහැ. ආයතන ප්‍රධානියා පවා ටයි දාන්නේ උත්සව වල පමණි.
අපේ එවුන්ට සුද්දෙක් කරන දේ ලොකුවට පෙනුනට, ඕස්ට්‍රේලියානුවන් පැවත එන්නේ, එංගලන්ත සිරකරුවන්ගෙන් ගෙන් බව අපේ රටේ බොහෝ දෙනා නොදන්නවා ඇති. කුමන වේශයෙන් උජාරුව පෑවත් එංගලන්තේ හිරකාරයින්ටත් අන්ත ජාතියක් බව දැන්වත්, අප පිළිගත යුතු වෙනවා.
චන්දිමගේ අදහස හරිම වටිනවා, අපේ රටේ මීහරක් සහ බූරුවන් නිසා රට හදන්නට බැරිබව තේරුම්ගැනීමට.
නීතිගරුක පුරවැසියන් නැතිවීම, හීනමානය, ආකල්පමය අඩුව, බුද්ධිමත්භාවයේ අඩුව, අපිරිසිදුකම තමා ඔක්කොටම හේතුව