
ඕස්ට්‍රෙිලියාවේ පර්ත් නුවර වාසය කරන 40 හැවිරිදි දෙදරුපියකුගේ සහ ඔහුගේ දරුවන් දෙදෙනාගෙන් සිරුරු හන්ටින්ග්ටන් ප්‍රදේශයේ එසින්ග්ටන් විදියේ නිවසක තිබියදි සොයාගත් බව බටහිර ඕස්ට්‍රේලියානු පොලිසිය වාර්තා කරයි.
මියගොස් ඇත්තේ 40 වියැති ඉන්දික ගුණතිලක නම් ශ්‍රී ලාංකිකයා, ඔහුගේ වයස අවුරුදු හතරක් වූ දියණිය සහ අවුරුදු හයක් වූ පුත්‍රයා බව පොලිසිය විසින් හඳුනාගෙන ඇත .
මෙම පුද්ගලයා තමන්ගේ දරු දෙදෙනා ඝාතනය කර නිවසේ ගරාජයට ගොස් තමාගේ දිවිය තොර කරගන්නට ඇතැයි මූලික පරීක්ෂණ මගින් අනාවරණය වූ කරුණු මත විශ්වාස කරන බව බටහිර ඕස්ට්‍රේලියානු පොලිසිය පවසයි .
මළ සිරුරු සොයාගැනීමට දවස් දෙකෙකට පෙර කැමරාවට පිටුපස හරවා මුහුදු වෙරළේ දරුවන් සමග අත් අල්ලාගෙන ඉර බැස යාම නරඹන ඡායාරුපයක් මුහුණු පොතේ පළකර ඇත .
නත්තලට පෙර තම මුහුණු පොතේ පලකළ විනාඩි 18 වීඩියෝ වකින් ඔහු ආතතියෙන් පෙළෙන බව තහවුරු කරගෙන ඇති අතර මානසික වෛද්‍ය වරයෙක්ගෙන් ප්රතිකාරද ගෙන ඇත .
බටහිර ඕස්ට්‍රේලියා පොලිසියේ සහකාර කොමසාරිස්වරයෙක් වන ඇලන් ඇඩම්ස් පැවසුවේ දැනට මේක මිනීමැරුම් සිදුකර කරගත් සියදිවි නසා ගැනීමක් කියා විශ්වාස කළත් අපි මේ සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් කරනවා පරීක්ෂණය අවසානයේ දැනගන්න පුළුවන් වෙයි මේකට වෙන හේතුවක් තිබුනද කියලා දැනට තියෙන සාක්ෂි අනූව නම් පිට අයෙක් සම්බන්ධ වෙලා නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩ දාගෙන මයිග්රේට් කරපු බහුතරයක යථාර්තය...!!!
අම්මා කෝ...........
බත් කන හරකෙක්. මේ ළමයින්ට අම්මා කෙනෙක් නැද්ද ?
මොන දේ වුනත් තමන්ගෙම දරුවෙක් ඝාතනය කරන්නේ කොහොමද අප්පා.. ඔබගේ ඇති යම් ප්‍රශ්ණයකට හෝ ගැටළුවකට මේ දරුවන් මැදිකර ගත්තේ ඇයි සහෝදරයා..
පව් අසරණ දරු පැටව්...!
අපරාදේ දරුවන්ගේ ජීවිත...!
ඕක තමයි කියන්නේ ලංකාවේ අය තමයි ලෝකයේ ඉන්න දක්ෂතම අය කියලා. සුද්දට තේරෙනවා ඇති සිංහලයන්ගේ තියෙන වටිනාකම. ඔය වගේ ලෝක වාර්තා තියන්නේ මෙහෙන් ගියපු අය තමයි. මොනවා දැනගත්තත්, මොන තනතුරු දැරුවත් සිංහලයා කියන්නේ කාලකණ්ණි ජාතියක්...!
මේ තිරිසනා ලංකාවේ තියෙන නමත් කනවා.
සුදු රටවල අපේ පවුල් සීසී කඩ කියලා දේශනා කළේ සෝම හිමි. ඒක සහතික ඇත්ත. කලු සුදු භේදය නිසාත් ආසියා දරුවන් මානසිකව බිංදුවටම වට්ටනවා.