ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව්ගිනි නිවීමට යොදාගත් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ස්නොවි මවුන්ටන්ස් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ ඇමරිකානු ජාතියන් තිදෙනකු බව සඳහන් වේ.
හර්කියුලස් වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වී තිබේ. ලැව්ගිනි පැතිරෙමින් තිබූ පෙදෙසකට යානය කඩා වැටී ඇති අතර විශාල ගිනි බෝලයක් ලෙස දර්ශනය වූ බව සඳහන් වේ.
අනතුරට හේතුව අනාවරණය කරගෙන නැතැයි බලධාරීහු පවසති.
ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි ආරම්භ වූ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා මරණ 33ක් සිදුව ඇත.
මේ වනවිට හෙක්ටයාර මිලියන 10කට අධික ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති අතර දැඩි හානි සිදුව ඇත්තේ වික්ටෝරියා හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවලටය.
(බීබීසී ඇසුරිණි - 085)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය නිසා ඕස්ට්‍රේලියාවේ අගමැති ගැන ජනතාව කලකිරිලා ඉන්නේ... ලබන වර මැතිවරණයෙන් පරාජය නියතයි.
අහිංසක ඔටුවෝ දහදාහක් වතුර බොන නිසා මරා දැමු සාපයද.
මෙය හෙලිකොප්ටරයක් නොවේ. විශාල හර්කියුලිස් C 130 ගුවන් යානයක්. (C-130 Hercules aerial water tanker ) .
මේක හර්කියුලිස් C-130 ගුවන් යානයක්. ලීටර 15000ක් ජලය ගෙනයන්න පුළුවන් එකක්.
කඩා වැටුනේ හෙලිකොප්ටරයක් නොව හර්කියුලස් වර්ගයේ ගුවන් යානයකි.
මෙහි ඉන්න නිලධාරින් ගේ මූණු වලින් පෙනෙනවා ඔවුන්ගේ හදවත තුල තියෙන වේදනාව. අවාසනාවකට පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මාධ්‍ය සාකච්චාවට ආපු යහපාලන ඇමති සර්කස් කණ්ඩායම සහ මෙම නිලධාරීන්ගේ කණ්ඩායමේ වෙනස ඔබට පෙනෙනවාද.