(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළමදී පැවසීය.
අන් සියලු දේට වඩා වැදගත් වන්නේ ජනතා සවෛරීත්වය, පරමාධිපත්‍යය සහ ජන වරම බැවින් රජයට රට ගොඩනැගීමට නොහැකි නම් ජන වරමකට යා යුතු බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
ජනතාව ඉල්ලා සිටින මැතිවරණ අයිතිය ලබා දීමට රජය කටයුතු කළ යුතු බවත් ජනතා අධිකරණය ඉදිරියට යාමට සමගි ජන බලවේගය ඕනෑම අවස්ථාවක සුදානම් බවත් විපක්ෂ නායක කාර්යාලයේදී ගුරු උපදේශකවරුන් සමග පැවැති සාකච්ඡාවකදී ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පවතින ගැටළු විසඳීමට නම් සජිත් අගමැති හෝ ජනපති කරමු..!
අපි සජිත් මහත්තයා ඔතැනම තියලා ගෝඨාභය හෝ සරත් ෆොන්සේකා ජනාධිපති කරමු. වෙන විකල්පයක් නම් නෑ. ගෝඨාභයට වැඩ කරන්න දුන්නේ නැහැනේ. සහෝදරයින්, පුතාලා කකුලෙන් ඇද්දා... එයාට කැමතිම නැත්නම් ෆොන්සේකා තමයි. අනුර ආවත් වෙන්නේ ගෝඨාභය ආවා වගේ තමයි. වෙනසක් නෑ. වෙන කවුරුත් නෑ.