
(අජන්ත කුමාර අගලකඩ)
වෙළෙඳ පොළේ සහල් මිල පාලනය සඳහා ඕනෑම අයකුට පිටරටින් සහල් ආනයනය කිරීමට අවසර දී ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
සහල් කිලෝවකට සත 25 ක බද්දක් ගෙවා ඕනෑම අයෙකුට සහල් ආනයනය කළ හැකි බවද බවද ඔහු සඳහන් කළේය.
සතොස සහ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහාද සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බව කී ඇමතිවරයා වෙළෙඳපොළේ ආනයනික සහල් මිල රුපියල් එකසිය පහට වඩා වැඩි වීමට ඉඩ නොදෙන බවද සඳහන් කළේය.
මේ අතර ආනයනය කරන ලද සහල් අඩංගු කන්ටේනර් පන්සීයක් වරායේ තිබෙන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ටේනර් 500 වරායේ හිරවී තිබෙන්නේ ඩොලර් නැතිව.. තව ගෙන්නුවොත් ඒවටත් අත්වෙන්නේ මේ ඉරණම තමයි. ජනතාවට සිදුවෙන්නේ කුසගින්නේ සිටීමට තමයි. බොහෝ ප්‍රදේශවල පාන් ගෙඩියක් දැකගන්නවත් නැත.
ගොවිතැන විනාශයට පත්කර රටින් හාල් ගෙන්වා කියුබාව වගේ පෝලිම් රටක් හැදීමද ධනරින තුමෝ ඔයා කරන්න හදන්නේ? එහෙම නැත්නම් හිටපු ජනාධිපතිගේ මල්ලි මට්ටු කරන්න ඔහොම කරනවාද? ඔහොම කරන්න ඩොලර් කොයින්ද තුමෝ? කවුද ආචාරියා තනතුර දුන්නේ?
එතකොට සහල් ආනයනය කරන්නේ රුපියල් වලටද? ඩොලර්වලට නම් ආනයන කරුවන්ට ඩොලර් ලැබෙන්නේ කොහොමද?
රටට අවශ්‍ය සහල් සහ එලවළු, පළතුරු නිෂ්පාදනය වෙනවා. අතරමැදියන් විසින් අධික ලෙස ලාභ ලබාගෙන ගොවියාත්, පාරිභෝගිකයාත් අපහසුවට පත් කරනවා. තාම කිසිම රජයකට බැරි වුණා මේ අතරමැදි වෙළඳ මාෆියාව කඩන්න. සහල් ආනයනය ඊට දෙන ක්ෂණික පිළිතුරක් විතරයි.
කලකට පස්සෙ හොඳ යමක් කියැවුණා... බන්දුලගේ කටින්....
හොඳට තිබිච්ච ගොවිතැනට වලකපලා දැන් සහල් ආනයනය කරනවා... පිස්සුද? හැටිද?
ලංකා ඉතිහාසයේ මුල් වරට බන්දුල ඇමතිතුමා කට ඇදකර උජාරුවෙන් හැකි හැම අයෙකුටම සහල් ආනයනය කිරීමට අවසර දෙන එක මේ රටට මේ ආණ්ඩුව උරුම කරදුන් සෞභාග්‍යය හිතා ගත හැක. හිතුවක්කාරකමයි නූගත්කමයි එකට පෑහූ විට කොරෝනාව අස්සේ කරගත් මෙවැනි ප්‍රශ්නවලින් ගොඩඒමට ශ්‍රී ලංකාවේ උප නූපන් සැමට සෑහෙන කලක් ගතවනු ඇත.
මේකත් හරියට මහදැන මුත්තා ගේ සහ එළුවාගේ මුට්ටියේ කතාව වගේ.පොහොර ගෙනත් දුන්නා නම් ගොවියෝ වී,එළවලු වගා කර ගනීවි
මොකෝ දැන් ඩඩ්ලිට කඹුරලා ඉවරද ?
පිස්සෙක්
මොහු ජනතාව නොමඟ යවනවා. ගිය දෙසැම්බරයේ කිව්වා සතොසෙන් පාලන මිලට හාල් කිලෝ 10ක් දෙනවා කියලා. මාතර සතොසවල තාමත් ඔය කියන හාල් ඇත්තේ නැහැ. මේ මිනිහා ඉස්සරහටත් ඔය වගේ තක්කඩි කතා කියාවි.
කාබනික සහල් වෙන්න ඇති... නැතිනම් මිනිස්සු ලෙඩවෙයි.
මහලොකු ආර්ථික ඔස්තාර් වුණාට මොලේ අබමල් රේණුවක්වත් නැති පාටයි. අපේ වී ගොවියන්ට මොකද වෙන්නේ? වරායේ තියෙන බඩුවත් නිදහස් කරගන්න බැරුව තව කයිවාරුත් ගහනවා...
මුන්ගෙ ගජමිතුරු දැනටමත් සහල් ආනයනය කරන්න අඩුවට ඩොලර් දීලා ඉවරයි. උන් සත 25 ය බද්දට හාල් ගෙනල්ලා රුපියල් සීය දෙසීය ලාභ තියාගනින්.
මාර්ග ගත ක්‍රමයට හාල් ගෙන්වා ගමු .ඩොලර් නැතිනම් කොහොමද ඒවාට ගෙවන්නේ
සහල් ආනයන කරන්නේ කාබනික නිසා නොවෙයි මැට්ටෝ රටේ සහල් මිල මොළ කාරයෝ වැඩිකර ඇති නිසා.
69 ශ්‍රී 2020 ...වෙත....මම කීවේ ළඟ ළඟ එන සාගත අර්බුදයට කඩිනම් පිලියමක් ගැන හිතලා.ලංකාවේ හරිත පරිසරයට ,වැවට ගොවිතැනට ඉතාම ආදරය කරමි.අවුරුදු 25 තිස්සේ මම ඉන්නේ ඉතාලියේ .මේ දේශපාලන තුප්පහියන්ට චන්දෙ දීලා හෝ කඩේ ගොස් හෝ නොමැත