
(සුමිත් පොතුපිටිය)
රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකට ආරක්ෂාව සපයමින් සිටී පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධාකර මුව ආවරණය ගැලවීමට උත්සාහ කළ බව කියන ප්‍රසිද්ධ රැප් ගායකයකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .
පානදුර , කෙසෙල්වත්ත තක්ෂිලා පාසලේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සිසු සම්මන්ත්‍රණයකට පානදුර උතුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ආරක්ෂාව සපයමින් සිටි ඇත.
සැකකරු ඒ ආසන්නයේ කෑකෝ ගසමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී , ස්ථානාධිපතිවරයා සැකකරුට අවවාද කර ස්ථානයෙන් පිටව යන ලෙස උපදෙස් දී ඇති අතර , එහිදී සැකකරු ස්ථානාධිපති වරයාගේ මුව ආවරණයෙන් ඇද ආවේගශීලිව හැසිරීම හේතුවෙන් සාපරාධී බලහත්කාරය පෑම යටතේ අත්අඩංගුවට ගත්බව උසස් පොලිස් නිළධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්චි කෙනෙක් වගේ. හොයලා දඬුවම් දෙන්න...
උත්සව තියන්න කමක් නැද්ද? කෝවිඩ් බෝ වෙන්නේ නැද්ද?
"ප්‍රසිද්ධ රැප් ගායකයකු " නමක් නැති ? ප්‍රසිද්ධ ගායකයන් මෙසේ හැසිරෙනවාද? අනේද කියන්නේ..? කල්ලතොනියෙක් විය යුතුමය.
ඔය රැප් කියන ඝෝෂාව සහ කලහකාරී නැටීම් සමඟම මත්ද්‍රව්‍ය හොඳ සම්බන්ධයක් තියෙනවා. නැත්නම් නිල ඇඳුමින් ඉන්න පොලිස් නිලධාරියෙකුට මෙහෙම කරයිද? හුරතල් නොකර හොඳ දඬුවමක් දුන්නොත් හොඳයි. වෙනත් අයටත් එක්කම හැදෙන්න.
ඉරා ගත්ත කෙනාද?
නම කියන්න... පොලිස් නිලධාරියාගේ නම විතරක් නෙමෙයි... ඇයි මේ ගායකයාට බයයිද?
රැප් ගායකයෙක් නම් සමාව දිය යුතුයි. මොකද ඔවුන් මන්ද මානසික ලෙඩ්ඩු...!
ඉරාජ් මල්ලී තමයි ඉතින් රජ ඌෂ්ණෙ ගහලා තියෙන්නේ...!