
(රේඛා තරංගනී ෆොන්සේකා)
ඇතැම් රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි යාවත්කාලීන නොවීම ගැටලු රාශියකට මඟ පාදා ඇති අතර මේ පිළිබඳව සොයා බැලීමේදී ද සොයිසා කාන්තා රෝහලේ වෙබ් අඩවියට අනුව රාජිත සේනාරත්න තවමත් සෞඛ්‍ය ඇමැති බව දැකගත හැකියි. නියෝජ්‍ය අමාත්‍යවරයා ෆයිසල් කාසීම් මහතාය.
එලෙස නිසි ලෙස යාවත්තාලීන නොවන වෙබ් අඩවි බොහෝමයක් අතරින් දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය විශේෂිත ලෙස හඳුනා ගැනුණු අතර දුම්රිය වෙබ් අඩවියේ ඇති කාලසටහනකට අනුව ගමන් යන්නට බලා සිටින දේශීය විදේශීය සංචාරකයන් අපහසුතාවයට පත් වූ අවස්ථා බොහෝ බවට හෙළි වී ඇත.
මොහොතින් මොහොත වෙනස්වන ලෝකයේ ආයතනික මට්ටමින් ජනතාව අතර යා යුතු තොරතුරු අලුත් සහ වේගවත් නොවී එක තැන පල්වන තත්ත්වයක් ලංකාවේ රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවල දක්නට ලැබෙයි.
මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි වරයා ප්‍රකාශ කර සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු වෙබ් අඩවිය ඉතා පැරණි වෙබ් අඩවියක් බවත් එහි රහස් අංකය අස්ථානගතවීම නිසා වෙබ් අඩවිය යාවත්තාලින කිරීමට නොහැකි බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක එච්චර දෙයක්ද? මේ වෙන දේවල් වල හැටියට ඔල්මොරොන්දන් වෙලා ඒවට හුරුවෙලා ඉන්න ජාතියක් අපි...
ඔය අමාත්‍යාංශවල පිනට රස්සා දීපු උපාධිකාරයින් වැඩි හරියක් කිසිම වැඩක් බැරි ඔලමොට්ටලයින්... උද්ඝෝෂණ කරලානේ රස්සා ගත්තේ...
දැනට ඉන්න පින් පඩි ගන්න රජයේ සේවකයින් ලක්ෂ 5ක් විතර සත පහකවත් වන්දි නොගෙවා සේවයෙන් ඉවත් කරන්න ඕනෑ. නැතුව මේ රට හදන්න බෑ...!
රට ආර්ථික ප්‍රපාතයක වැටුණු වෙලේවත් මේ රටේ රජයේ ඇමතිවරු වගේම මහජනතාවටත් ඇස් ඇරෙනවා නම් හොඳයි. බෞද්ධ රටක් වුණාට මොකද ස්ථිරකම ලුහුබඳින හේතුවෙන් හැමෝම රාජ්‍ය සේවයට යන්න සිහින දකින්නේ නිකන් ඉඳලා විශ්‍රාම වැටුප ගන්න. මෑතකදී සිදුවූ සමහර යාන්ත්‍රණ නිසා දක්ෂ නිලධාරීන් ඉක්මනින් සහ සුහද මහජන සේවයක් සැලසුවද පෞද්ගලික අංශය මෙන් ඔවුන්ට ඉලක්ක සපුරාගැනීමට ඇත්තේ නෑ. කොටින්ම කියතොත් ඉහළ නිලධාරීන්ටත් එය කරන්න බැරි වෙන්නේ වැඩ දන්නෙ නැති සමහර ඇමැතිලා නිතරම ලොකු තැන්වල ඔළු ගෙඩි මාරුකරන නිසා වෙන්න ඇති... ඉතා දක්ෂ ලෙස පහළ ස්ථරවල අයට ඉලක්ක සූදානම් කර තම ඉලක්ක සපුරන පෞද්ගලික අංශයේ නිලධාරීන්ට රාජ්‍ය අංශය දකින විට ඉවසීම නැතිවෙන හේතුව රාජ්‍ය අංශයේ අයට තේරුම් නොයන එක පුදුමයක් නොවේ..
පාලකයන්ට මුල ඉඳන් ඔල්මොරොන්දන්... ඉතින් කොහේද අනිත් දේවල් පිළිවෙළක් වෙන්නේ...? අඩු ගාණෙ රහස් අංකය හරි, මුරපදය හරි නැවත හොයාගන්න පුළුවන් කියලාවත් නොදන්න මිනිස්සු පාලනයට පත් කළාම මීටවඩා වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?
අනිකුත් ස්ථාන කෙසේවෙතත් විදුලි සංදේශ නියාමන අධිකාරියත් යාවත්කාලීන නැතිනම්... මේ රටේ මිනිස්සු කෙළින්නේ පිස්සු..!
දැනට තිබෙන දුම්රිය වෙබ් අඩවියේ වුණත් දහසක් වැරැදි ඔබට මහනුවර සිට අනුරාධපුරයට යන්න ඕනේ නම් එය සොයන විට දක්වන්නේ දුම්රිය නොමැති බව... නමුත් කොළඹ සිට බැලූ අනුරාධපුරයට දුම්රිය ඇති බව දක්වනු ලැබේ. පොල්ගහවෙලින් මාරු වී එම දුම්රිය මගින් අනුරාධපුරයට යන්න හැකි බව මහනුවර සිට කිසිවෙකු සොයා බැලුවිට මේ බව පෙන්වන්නේ නැත...
රටේ පාලකයොත් ඔල්මොරොන්දම් වැඩ කරනකොට අනික් අය කරන දේවල් ගැන කවර කතාද?
දුම්රිය කාලසටහන යාවත්කාලීන කළාට වැඩක් නෑ. කොහොමත් කෝච්චි යන්නෙ එන්නේ එයාලට හිතෙන වෙලාවටනේ...