ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී හත් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනකු ලිංගික අපයෝජනයට ලක් කළැයි කියන ශ්‍රී ලාංකිකයකුට වසර 5 ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය තීරණය කර තිබේ.
එමෙන්ම එම අවුරුදු පහක සිර දඬුවම අවසන් වීමෙන් අනතුරුව ඔහු ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ද නියෝග කර ඇත.
19 හැවිරිදි දයාන්තන් ස්ටැන්ලි මොහොන් රාජ් නැමැත්තෙකුට මෙලෙස දඬුවම් නියම කර තිබේ.
2016 වසරේදී ළමා අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් සිව් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනුන මෙම නඩුව අවසානයේදී ඔහු වැරදිකරු ලෙස එරට අධිකරණය තීන්දු කළේය.
කාමුක දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් පෙන්වා එම දරුවන් අපයෝජනයට ලක් කළ බව ට ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබිණි.
ස්ටැන්ලි 2012 වසරේදී ඕස්ට්‍රේලියාවට පැමිණ තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය, කොහේ හිටියත් එයාලගේ පුරුදු වෙනස් කරගන්නේ නැහැ ...
මෙවැනි පුද්ගලයින් වන්ධ්‍යාකරණ සැත්කම්වලට භාජනය කළයුතුයි. නැත්නම් ලංකාවට අාවට පස්සෙත් මෙහෙ ඉන්න පොඩි ළමුන්ට මේ වැඩේ කරාවි... මේක මානසික රෝගයක් නම ෆෙදොෆිල්, මොවුන්ට මානසික වෛද්‍ය ප්‍රතිකාර කරන්න තරම් අපේ රටේ සෞඛ්‍ය සේවය දියුණු නැත.. අපට සල්ලිත් නැත.
සිඩ්නිවල බෝකම්හිල් පැත්තේද මෙයත් ඉන්නේ?
අහිංසක සරණාගතයෝ කියලා තමයි රට යන්නේ. ගිහින් ගම කනවා. අර පොඩි ළමයි පවු.
මම ලබාදෙන්න කැමතියි වසර 50ක සිරදඬුවම්....