(සුජිත් හේවාජුලිගේ )

ක්‍රීඩා  කෞශල්‍යයෙන් පිරි ගම්බද දරුවන් විද්‍යාත්මක පදනමින් තෝරාගෙන පුහුණු කර   ඔලිම්පික් වැනි ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ  සඳහා යොමු කිරීමට  ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ගණනාවක් 2018 වර්ෂයේදී අතරමඟ නවතා දැමීම නිසා  රුපියල් කෝටි 16 කට වැඩි මුදලක්  පාඩුවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම ව්‍යාපෘති  2016-2018 අතර කාලයේදී  ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණ.

ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 47 කට වැඩි ප්‍රතිපාදන  සලසාදී තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.