
(ලේකම්ගේ අනුර)
ඔයාමඩුව දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව ව්ලච්චිය පේමඩුව සමූපාකාර සමිති භූමියේ සවි කළ රුපියල් ලක්ෂ 50ක් පමණ විටිනා වීමෝල වසර 10ක් ගත වුව ද කිසිදු ප්‍රයෝජනයට නොගෙන දිරා පත් වීමට ඉඩ හැර ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.
පේමඩුව ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සමූපාකාර සමිතිය මගින්ම වී මෝලක පවත්වාගෙන ගොස් ඇත.
2012 වසරේ පැවැති ඔයාමඩුව දැයට කිරුළ සංවර්ධන සැලසුමට අනුව නවීන තාක්ෂණයකින් යුතු මෝලක් ලබාදෙන පොරෝන්දුව මත පැරැණි වී මෝල ඉවත් කළ බව ප්‍රදේශවාසීහු කියති.
මෙම මෝල සවිකල දා පටන් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අවුරුදු 10ක් තිස්සේම විනාශයට පත්වීම් සම්බන්ධයෙන් ප්‍රදේශයේ පාලකයන් මුණිවත රකින බව ජනතාව චෝදනා කරති. ඔ
මේ සම්බන්ධයෙන් උතුරුමැද පලාත් සමූපකාර, සංවර්ධන කොමසාරිස් හා රෙජිස්ට්‍රාර් ජේ එල් එම් ජී එස්. එල් එම් වීරසිංහ මහතා දුරකථනය ඔස්සේ දෙවතාවක් සම්බන්ධ කරගැනීමට ගත් උත්සහ අසාර්ථක වූ නමුත් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගෙන් ව්ම්සීමේදී ඒ මහතා කියා සිට්යේ මෙසේය.
ඇත්ත්ටම මම ඔය කියනකම් ඔවැනි දෙයක් දන්නෙ නෑ. මට කවුරුත් ඔය ගැන කියලත් නෑ මම සතියක් ඇතුළත එම ස්ථානයේ නිරික්ෂණය කරනවා. ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් ගන්නවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැයට කිරුල කොමිස් ටික ලැබුණානේ ඒ ඇති. කොමිස් ගත්ත අය පෝසත් වෙලා ඇති. පව් ලංකාව...!!!
මම දන්නෙ නෑ, කවුරුත් මට කිව්වේ නෑ.. ඕවා මහත්තයෝ සුරංගනා කතා. මේ නිකරුනේ විනාශ වෙලා යන්නේ රටේ සම්පත්. ඔබලා ඉන්නේ මේවා නිසිලෙස කළමනාකරණය කරන්න තමයි. බලමුකෝ දැන් දැනගත්තට පස්සේ මොකක්ද කරන්නේ කියලා...
ඔය කිරුලෙන් ගසාකාපු සල්ලි අපමණයි... ඒවායේ වන්දි අපි ඩබල් ඩබල් ගෙවනවා දැන්. අදක් නැති, හෙටක් නැති ජාතියකට කොහෙද කිරුලක්...?
තුප්පහි නිලධාරීවාදය හා බූරු දේශපාලන ඇඟිලි ගැසීම්...
මේ වගේ ජාතික සම්පත් කොපමණ නාස්ති වෙනවා ඇද්ද?. ජනමාධ්‍ය හොයා දෙනතුරු පාලකයින් දන්නෙත් නෑ...
මේවා නම් මහා පරිමාණයේ අපරාධ. මිනිස්සුන්ගේ මුදල්. ඔය මහ ඇමැති සහ මන්ත්‍රීලා කියන එකාලගේ කටේ තියෙන්නෙම දන්නෙ නැහැ, කවුරුවත් කිව්වෙ නැහැ.. කියන වචන තමයි. හොඳම ක්‍රමය තමයි පළාතේ ග්‍රාමනිලධාරීන්ට චක්‍ර ලේඛයක් යවන්න ඕනේ පළාතේ රජයට අයත් කර්මාන්තශාලා අක්‍රීයවෙලා තියෙනවා නම් ඒවා පිළිබඳව වහාම වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. ඕනෙතරම් දිරාපත් වෙන මැෂීන් සහ ආයතන, ගොඩනැගිලි වැනි දේවල් ගැන හොඳටම දැනගන්න ලැබේවි...!