ඔමික්‍රොන් රැල්ල ඉතා වේගයෙන් පැතිර යන අතර ආසාදිතයන් වැඩි වුවත් මරණ සියයට නවයකින් පමණ අඩු වී ඇතැයි කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සකසා ඇති වාර්තාවකින් දැක්වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනාවැකියය නම් කොරෝනා වසංගතය ලබන ජූලි - අගෝස්තු වන විට ක්‍රමයෙන් සමනය වී සෙමෙන් පැතිරෙන රෝගයකට හැරෙන බවයි.

ශ්‍රී ලංකාව තුළත් ඔමික්‍රොන් රැල්ලක් ඇති වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර මේ පිළිබඳව බලධාරීනගේද සාමාන්‍ය ජනතාවගේ ද විශේෂ අවධානය කඩිනමින් යොමු විය යුතුය.