IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඔමික්‍රෝන් ගැන ඇහැ ගහගෙන දේශපාලන වැඩ කරන්න

(අංජුල මහික වීරරත්න)

එජාප උද්ඝෝෂණ, විරෝධතා සහ දේශපාලන ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේදී දිනෙන් දින උග්‍ර වන ඔමික්‍රෝන් වෛරසය පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කර ක්‍රියා කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට උපදෙස් දෙනු ලැබීය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ උපදෙස් දුන්නේ සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්  සමඟ අද (3) පැවති සාකච්ඡාවකදීය.

දිවයිනේ සෑම ප්‍රදේශයකම ඔමික්‍රෝන් රෝගීන් වැඩි වශයෙන් හමුවන තත්ත්වයක් යටතේ පක්ෂයේ දේශපාලන නායකයන්ගේ මෙන්ම පාක්ෂිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම ගැන මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් දැනුවත් කරනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ දේශපාලන දර්ශනය අනුව ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් සංවිධානය කිරීමෙිදී කටයුතු කළ යුත්තේ ඔමික්‍රෝන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරමින්  බවද රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල වැඩිදුරටත් සඳහන් වේ .



අදහස් (1)

ඔමික්‍රෝන් ගැන ඇහැ ගහගෙන දේශපාලන වැඩ කරන්න

සනත් ඉතාලිය Thursday, 03 February 2022 03:01 PM

ඇත්තටම ස්තුතියි ඔබට. ලපකුමාරට බූරුපුතාට ඔබෙන් ඉගෙනගන්න මොනතරම් තියෙනවද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site