(සමල් සෝමරත්න)
"ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක කොරෝනා වයිරසය ලෝකයෙන් තුරන්ව යාමේ යම්කිසි හැකියාවක් තියෙනවා යැයි ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
අපි හිතන්නේ නෑ එහෙම වුණොත් සිව්වැනි මාත්‍රාවක් ගැන කතා කළ යුතුයි කියලා. එවැනි අනපේක්ෂිත තත්ත්වයක් උදා වුණොත් ඒ සඳහාත් අපි ළඟ සැලසුම් තියෙනවා."
ඇත්තට පොඩි කණ්ඩායමක් ඉන්නවා මුල ඉඳලාම එන්නත්කරණයට අකුල් හෙළපු.ලංකාවට එන්නත් ගේන එකට විරුද්ධ වුණ.එන්නත් ලබා දෙන එකට විරුද්ධ වුණ.
ඒ වගේම එන්නත් ලබා දෙන එක කඩාකප්පල් කළා.එන්නත්කරණ මධ්‍යස්ථානවල ඔබට මතක ඇති විවිධ ප්‍රශ්න ඇති කළා. ඒ වගේම මේ එන්නත්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් මහන්සි වුණ අපේ ප්‍රාදේශිය දේශපාලඥයොන්ට විවිධ කරදර කරන්න අපහාස කරන්න විවිධ තාඩන පීඩන කරන්න කටයුතු කළා.ඒ එක්කම සමාජ මාධ්‍ය යොදාගෙන විවිධ ප්‍රචාර රැගෙන ගියා.
එන්නත්කරණය නිසා විවිධ රෝගා බාධ, අතුරු ආබාධ, අතුරුඵල ඇති වෙනවා කියලා.හැබැයි කොහේවත් රටේ එහෙම ගැටළුවක් පැන නැඟිලා නැහැ.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එප්පාවල රජයේ රෝහලේ මිලියන 55ක වියදමින් ඉදි කරනු ලබන ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීමට හා එප්පාවල රජයේ රෝහලට අත්‍යාවශය උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘‘ඔමික්‍රෝන් එක්ක කොරෝනා තුරන්ව යාවි‘‘
jude perera Sunday, 16 January 2022 05:30 PM
ඔමික්‍රෝන් එක්ක උඹලත් මක බෑවිලා යනවා
සෙනවි Sunday, 16 January 2022 05:54 PM
මෙහෙම දෙයක් බලාපොරොත්තුවන්න පුළුවන්. මේ උපකල්පනය මුහුණු පොතේ වෛද්‍ය සුමනසීල මහතාද මීට මසකට පෙර සඳහන් කරල තිබුණ.
ගජමිතුරු Sunday, 16 January 2022 06:55 PM
ප්‍රාදේශීය දේශපාලුවො කරපු කෙහෙල්මලක් නැහැ එහෙම කලානම් මෙලහකටත් එන්නත් දීලා අවසන් කරන්න තිබුනා .කටයුතු කලේ බහුකාර්‍ය ලොක්කොත් නොවෙයි සෞඛ්‍ය වයිද්‍ය නිළධාරි කාර්‍යාලවල ස්තිර කාර්‍ය මණ්ඩල නැත්නම් කවදාවත්ම ඔය ටිකවත් කරන්න බැහැ .අපේ අත්දැකීම් අපි කියන්නෙ කොරෝනා නැතිව යාවිනම් බූස්ටරයට අවශ්‍ය නැහැ නේද
Lankaputha Sunday, 16 January 2022 06:58 PM
නාථ දෙවියන්ගෙන් එස්.එම.එස් එකක් ලැබුනා... මිලියනයක් එක්ක බෙදා ගත්තොත් කොරොනා නැති වෙනවා. එයා ඒක කරනවා..
Saman Sunday, 16 January 2022 07:16 PM
මේ මේ උන්නැහේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයෙක්ද
විපරමා Sunday, 16 January 2022 07:19 PM
මෙතුමා මොනතරම් දේවල් කියලා තියෙනවද? කාටද විස්වාස කරන්ඩ පුලුවන් ?
චන්දිම ෆොන්සේකා Sunday, 16 January 2022 08:24 PM
අහෝ චන්න අමාත්‍යයෙනි කියව කවුද තොප හට එන්නත් ගෙන ඒමට අකුල් හෙළුවේ. ඒ තොපගේම ජාවාරම් කාර සහචරයන් මිස අන් කවරෙක්ද? එන්නත ඔය තරමින් හෝ විද හමාර කිරීමට බොහෝ උදව් කළෝ හමුදා සාමාජිකයන් මිස තොපගේ සහචර දේශපාලුවන් නොවන බව පසක් කර ගනුව.
ගමේ එකාලා Sunday, 16 January 2022 10:56 PM
හරියට අනාවැකි කාරයෙක් වගේනේ. ඔබතුමා සැරෙන් සැරේ ඇද බාපු ගජබින්න දිහා බැලුවාම කොහොමද විශ්වාස කරන්නේ..?
Sriland Monday, 17 January 2022 01:24 AM
කොරෝනා වල බොරුවේ කාලය ඉවරයි
Nuwan Monday, 17 January 2022 12:33 PM
කවුද නාත දෙවියෝද කිවුවේ?
Hafeel Monday, 17 January 2022 01:54 PM
ආණ්ඩුව තමයි විද්‍යාත්මක පියවර අනුගමන නොකල කොරෝනා එන්නත්කරණය වෙනුවනට අර දම්මික පැණියට ප්‍රමුකත්වය දුන්නේ. තවද පවිත්‍රා මුට්ටි ගඟට හලලා තවත් මෝඩ වැඩ කළා. අපේ විමල් දම්මික පැණි නිෂ්පාදනය වෙනුවෙන් මැෂින් එකකුත් දුන්න. දැන් ජනතාවට දොස් පවරන්නේ.
ඉරංග පීරිස් Monday, 17 January 2022 01:56 PM
මේ වගේ පේන බලලා, බොරු බලාපොරොත්තු මත තීරණ අරං, එන්නත් පිළිබඳ, රටේ නොතිබුණු භීතියක් සාමාන්‍ය මිනිස්සු තුළ ඇති කරලා, එන්නත් විරෝධී මතවාදය ලංකාවට හඳුන්වාදෙන්න මුල්වෙච්ච කෙනාම, එන්නත්කරණය කඩාකප්පල් කල වරදකරුවන් හොයනවා... දැනුත් මේ කරන්නෙ, 4 වෙනි මාත්‍රාවට සූදානම්වීම, ප්‍රමාද කිරීම. මාර්තු වෙන විට, වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත නව එන්නත් කාණ්ඩ ඇණවුම් කිරීම දැන්ම ඇරඹිය යුතුයි! ඒ මොහොත අතපසු කරගෙන, කුමක් හෝ එන්නතක් ගසා, එන්නත්කරණය කලා යැයි පාරම්බෑම පලක් නැත!
lakvidu Monday, 17 January 2022 02:49 PM
මෙයා දම්මික පැනිය උස්සලා තිබ්බෙත් ඔය ටිකම කියලා නේන්නම්
nimal Tuesday, 18 January 2022 09:00 AM
පැණිය ප්‍රොමෝට ්කළේ ආන්ඩුවෙම අය නේද? යන්ත්‍රත් දුන්නේ පැනි හදන් කියල. දැන් මොනවද මේ කියන ගොන් කතා
sharm warn Tuesday, 18 January 2022 01:05 PM
නැත දෙයියෝ,පැන් මුට්ටිය.දැන් මොකක් බලලද ඒ ගමන මේ පේන කියන්න හදන්නේ ?අනේ මෙහෙමත් ගොන් හරක්.ආවේ වියත් මගෙන් ද විපත් මගෙන්ද කියලා ප්‍රශ්නයක්