
ලොව පුරා මිලියන 40කට අධික පිරිසක්, මේ වන විට එච්.අයි.වී. හෙවත් ‘නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා වයිරසය‘ සමඟ ජීවත් වෙති. සිරුරේ ඇති ප්‍රතිශක්තිය අඩාල කරන ඒඩ්ස් රෝගී තත්ත්වය ඇති කරන්නේ මෙම එච්.අයි.වී. වයිරසයයි.
වර්තමාන වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසාම, මේ වන විට එච්.අයි.වී. (HIV) ආසාදනය යනු පෙර මෙන් මාරාන්තික රෝගයක් නොවුණද, එය ශරීරයෙන් සම්පූර්ණයෙන්ම තුරන් කළ හැකි ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් මෙතෙක් සොයාගෙන නොතිබුණි.
මේ හේතුවෙන් ආසාදිතයන්ට සිය ජීවිත කාලය පුරාම දිනපතා ‘ප්‍රතිවෛරස් ඖෂධ’ (Antiretroviral drugs) ලබා ගැනීමට සිදුවෙයි.
නවතම පර්යේෂණ දෙකක ප්‍රතිඵල මගින් එච්.අයි.වී. සඳහා ‘ක්‍රියාකාරී සුවයක්’ (Functional cure) ලබා දිය හැකි බවට ඉඟි පළ වී තිබේ.
මෙහි විශේෂත්වය අඛණ්ඩව ඖෂධ ලබා නොගෙන, දීර්ඝ කාලයක් පුරා සිරුර තුළ වයිරසය පාලනය කර පවත්වාගෙන යාමට ඇති හැකියය. මෙහිදී විද්‍යාඥයන් විසින් පර්යේෂණ මට්ටමේ පවතින විශේෂිත ‘ප්‍රතිදේහ’ (Engineered antibodies) එන්නත් කිරීමක් සිදු කරනු ඇත.
දකුණු අප්‍රිකාවේ සහ ලන්ඩන් ඇතුළු රටවල් කිහිපයක සිදුකළ පරීක්ෂණ දෙකකදීම ඊට සම්බන්ධ කරගත් රෝගීන්ගෙන් කිහිප දෙනකු වසර එකහමාරකට අධික කාලයක් කිසිදු දෛනික ඖෂධයක් ලබා නොගෙන සෞඛ්‍ය සම්පන්නව සිටීමට සමත්ව ඇත.
මෙය එච්.අයි.වී. මර්දන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙන අතර, ඉදිරියේදී ලොව පුරා මිලියන සංඛ්‍යාත රෝගීන්ට ජීවිත කාලය පුරා ඖෂධ මත යැපීමෙන් තොරව නිදහස් ජීවිතයක් ගත කිරීමට මින් මඟ පෑදෙනු ඇතැයි විශ්වාස කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd