(ඉන්දිකා රාමනායක)

ජාතික ජනබල වේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ  මෝටර් රථයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය කියයි

බාස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතාගේ  උපදෙස් මත  මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව ද පොලිස් මූලස්ථානය පවසයි  

ජාතික ජන බලවේගය පක්ෂයෙ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පසුගිය 30  දින කලගෙඩිහේන උත්සව ශාලාවක පැවති අතර ඒ සදහා අනුර කුමාර දිසානායක මහතා සහභාගි වෙමින් සිටියදී  පිරිසක් මම  ප්‍රහාරය එල්ල කර ඇත.

ප්‍රහාරය එල්ල කිරීම සඳහා පැමිණ සිටි පිරිසෙන් දෙදෙනකු එම ස්ථානයේ සිටි පිරිස විසින් අල්ලා පොලිසියට භාර දී ඇත.