(හර්ෂණ තුෂාර සිල්වා)
දේශබන්දු එෆ්.ආර්. සේනානායක මහතාගේ චරිතාපදාන ග්‍රන්ථය එළිදැක්විණි. හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක මහතා විසින් සංස්කරණය කරන ලද මෙම ග්‍රන්ථය නිකුත් කරන ලද්දේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක සහ දේශබන්දු එෆ්.ආර්. සේනානායක මහත්වරුන්ගේ ජන්ම දින සැමරුම් උත්සවයේදීය.
ඡන්ම දින සැමරුම් උත්සවය කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ඊයේ (20) පැවැත්විණි.
‘සේනානායක පදනම’ විසින් ප්‍රකාශයට පත් කරන ලද එම ග්‍රන්ථය ‘ලක්මවගේ කීර්තිමත් පුත්‍ර එෆ්.ආර්. සේනානායක’ යනුවෙන් නම් කර තිබිණි.
බෝතලේ ගෝඨාභය රජමහ විහාරයේ විහාරාධිපති කඩිගමුවේ පේමාන්නද හිමි ඇතුළු මහා සංඝ රත්නය, අන් ආගමික නායකයන්, සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියාන ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක හා පී. දයාරත්න, විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන, රොහාන් සේනානායක, අනුර බැස්තියන්, ආචාර්ය ඉන්ද්‍ර දිසානායක, ආචාර්ය එගඩන් සේනානායක, චතුක සේනානායක, වෛද්‍ය සිරිල් රණසිංහ, සේනානායක සහ විජයවර්ධන පවුල් සහ ඔවුන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප ඉෂාන් සංජීව




2025 දෙසැම්බර් මස 18
28
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එෆ්.ආර්. සේනානායක චරිතාපදානය එළිදැක්වෙයි