
චාල්ස් කුමරුගේ ඔටුණු පැළඳ වීමේ උත්සවයේදී කෝන්වෝල් හි කැමිලා පාකර් ආදිපාදවරියට තම මිල කළ නොහැකි ඔටුන්න පරිත්‍යාග ලබා දිමට දෙවැනි එලිසබත් රැජින සූදානමින් සිටින්නිය.
මෙම ඔටුන්නට මිල කළ නොහැකි කොහිනූර් දියමන්තියක් ඔබ්බවා ඇත. දියමන්ති 2868,නිල් මැණික් 17,මරකත මැණික් 11, මුතු ඇට 269 සහ තවත් මැණික් ගල් 4 කින් ඔටුන්න අලංකාර වී ඇත.
දෙවැනි එලිසබත් රැජිනගේ ඔටුන්න පැළඳීමට ලැබීම තමන්ට ඉතාමත් ගෞරාවයක් බව කැමිලා ආදිපාදවරිය පැවැසුවාය.
මෙම ඔටුන්න 1937 දී හයවෙනි ජෝර්ජ් රජතුමාගේ ඔටුණු පැළඳවීමේ උත්සවයට විශේෂයෙන්ම නිර්මාණය කළ එකකි. මෙම මිල කළ නොහැකි අවුරුදු 85 ක් පැරණි රාජකීය ඔටුන්නේ නව හිමිකාරිය වීමට කැමිලා ආදිපදවරිය බලාපොරොත්තුවෙන් පසුවෙයි.
විමුක්ති එස් රුද්‍රිගු - රොයිටර්ස්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට පිස්සුද කොහේද? ඕවා දාගෙන කොහේ යන්නද? කොරෝනාවලට ඔරොත්තු දෙන මොකක් හරි හැදුවා නම් ඒත් කමක් නෑ...
රැජිණත් මේ සිලෝන් එකට වෙලා තියෙන දේවල්වලට වග කියන්න ඕනේ...!
අපේ කට්ටියත් නැන්දම්මලා එක්ක කෙහෙවලු පටලවා ගන්නේ නැතිව උන්නා නම් ඔය විදිහට තමයි සලකන්නේ...!
ඉතින් අපිට පාන්ද?
පව්.., ඩයනා කුමරිය...!!!
අපිට මොකද? අදාල නැත
රැජිනට මොලේ අමාරුවක්ද?
ඒ කාලේ ආසියාතික රටවලින් මංකොල්ල කාපු මැණික් වෙන්න ඇති ඕකට දාලා තියෙන්නේ...!
අනුවණ තීරණයක්... ඇය කිරුළු දරන්නේ කෙසේද?
අපිට මොකද අනේ... ඔටුණු එකක් බැරිනම් 10ක් දැම්මත්.... අර ලංකාවේ ඔටුණු දාන සෙට් යැව්වා නම් රැජිනත් ඉවරයි...!!!
මැරෙනකොට ඕවා කාටත් වැඩක් නැහැ. කළ හොඳ ඇත්නම් පමණයි පිහිටට ඉන්නේ...
මේ කරන්නේ හැරී කුමාරයාට පහර ගැසීමට කියා යැයි සිතෙනවා. කොහොම වුණත් රජ ඔටුන්නක් හිසට දාගත්තාට රාජලේ නහරවල දුවන්නේ නැහැ...
එලිසබත් රැජිනට කමිලාව ඔච්චරටම වටිනවා නම් ඇයි අර අහිංසක ඩයනා කුමරිය ව බිල්ලට දුන්නේ?ඒ කාලේම මේක කරලා දාන්න තිබුනනේ .අන්තිමට ඩයනාගේ නමත කාලා ජීවිතෙත් කාලා මරලාම දැම්මා
හැමදාම චාල්ස් කුමාරයා ඇවිදින්න යනකොට පාරේ ඉන්න ගැහැණු කියනවාලු පවුන් 50 කියලා. චාල්ස් කුමාරයා කියනවලු පවුන් 5 කියලා. විවාහයෙන් පසුව දවසක් චාල්ස් කුමරු කැමිලා සමග ඇවිදින්න ඒ පාරේම යනකොට අර ගැහැණු කිව්වාලු ඔය හම්බවෙලා තිබෙන්නේ පවුන් 5ට කියලා...!