(නිමන්ති රණසිංහ )
පොලිස් විශේෂ කාර්ය බලකායේ සුභ සාධක වෙළෙඳසල භාරව සිටිමින් රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුත් භාණ්ඩ අවසරයකින් තොරව බැහැර කිරීම හා පරිහරණය කරන ලදැයි කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් පරීක්ෂකවරිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ(29) නියෝග කළේය
මෙලෙස අප මත මුදා හැරුණේ පොලිස් නිවාස මරදාන කොළඹ 10 හි පදිංචි යමුනා කුමාරි ධම්මිකා එදිරිසිංහ නැමැති පොලිස් පරීක්ෂකවරියයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සුභ සාධක සංගමයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීලාල් ජාගොඩආරච්චි මහතා විසින් කුරුඳුවත්ත පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව කුරුදුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ දේවල් නිසිලෙස ආරක්සා නොකරගෙන අනුන්ගේ දේවල්වලට ආරක්ෂාව සපයන්නේ කෙසේද?
කම්බා හෙරක්